hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2022 ජූලි 12, ප.ව. 1:48



කටුනායක ගුවන් තොටුපළ කුලී රථ ගාස්තුව විදේශ රටකට ගමන් කිරීමට අය කරන ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුව අභිබවමින් තිබෙන බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව කන්කසන්තුරෙයි වෙත කටුනායක ගුවන් තොටුපළ සිට කුලී රථ ගාස්තුව රුපියල් 76,300 ක්.

එමෙන්ම කටුනායක ගුවන් තොටුපළ සිට යාපනය වෙත කුලී රථ ගාස්තුව රුපියල් 73,000ක්.

මීට අමතරව මෙම කුලී රථ අධිවේගී මාර්ග ඔස්සේ ගමන් කරන්නේ නම් එම ගාස්තු ද, මෙම කුලී රථ ගාස්තුවට එකතු කරනු ලැබෙනවා.

එහෙත් අඩු වියදම් ගුවන් ගාස්තු අය කරන ඉන්ඩිගෝ, ස්පයිස් ජෙට් වැනි ගුවන් යානා ඉන්දියාව වෙත ගුවන් මගින් යෑමට එක් ගුවන් මගීයෙකුගෙන් අය කරන්නේ මෙම ගාස්තුවෙන් දහයෙන් එකක පමණ වන අඩු මුදලක්.

එසේම මීට මාස කීපයකට පෙර ශ්‍රී ලංකාව සහ බහරේන් අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කළ විස් එයා ගුවන් සේවය එක් ගුවන් ගමන් වාරයක් සදහා එක් ගුවන් මගියෙකුගෙන් අය කරනු ලබන්නේ රුපියල් 11,000 ක මුදලක්.

කටුනායක – ටී.කේ.ජී.කපිල