hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 08, පෙ.ව. 10:11



තිසර පෙරේරා – නිශී හතරසිංහ කියන්නේ හැමෝම ආදරය කරන , මේ දවස්වල අතිශය  ජනප්‍රිය චරිත දෙකක්.

මේ දෙපළ එයාලගේ ජිවිතේ අලුත් පිටුවක් ලිව්වා.. ඒ බව පසක් කරමින් පසුගිය දින කිහිපයේම සමාජ මාධ්‍යයේ ඡායාරූප රැසක් හුවමාරු වුණා… ඔවුන්ගේ විවාහ ඡායාරූප …

ඒ වගේම ඒ දෙන්නාගේ පුංචි කැදැල්ලට අලුත් අමුත්තියක් එන බවත් ආරංචි වුණා…

එහි පින්තූරත් ඔවුන් සමාජ මාධ්‍යයේ බෙදා හදාගෙන තිබුණා…

තිසරගේ අතගත් නිශී ඊයේ ලස්සන පුංචි රෝස මලක් බිහි කරලා තිබුණා…

තිසර පෙරේරා – නිශී ගේත් ජිවිත වලට සතුට මහ හුඟාක් අරගෙන ආපු පුංචි සුරංගනාවි ගැන තිසර සිය මුහුණු පොතේ ආදරණීය සටහනක් තබා තිබුණා…

ඔහු සිය මුහුණු පොතට මෙවැනි ඡායාරූපයක් එක්කර තිබෙනවා…. මේ පුංචි රෝස මලගේ නම තිසාරා … හරිම ලස්සන නමක් නේද ?

තිසර ඒ සුන්දර මතකය ගැන සටහනක් තබා තිබුණේ මෙහෙමයි …

Baby girl is here 
Thisara Aviana Perera
(තිසාරා අවිආනා පෙරේරා)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: