hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 08, ප.ව. 11:18



තිසර පෙරේරා – නිශී හතරසිංහ කියන්නේ හැමෝම ආදරය කරන , මේ දවස්වල අතිශය  ජනප්‍රිය චරිත දෙකක්.

මේ දෙපළ එයාලගේ ජිවිතේ අලුත් පිටුවක් ලිව්වා.. ඒ බව පසක් කරමින් පසුගිය දින කිහිපයේම සමාජ මාධ්‍යයේ ඡායාරූප රැසක් හුවමාරු වුණා… ඔවුන්ගේ විවාහ ඡායාරූප …

ඒ වගේම ඒ දෙන්නාගේ පුංචි කැදැල්ලට අලුත් අමුත්තියක් එන බවත් ආරංචි වුණා…

එහි පින්තූරත් ඔවුන් සමාජ මාධ්‍යයේ බෙදා හදාගෙන තිබුණා…

තිසරගේ අතගත් නිශී ඊයේ ලස්සන පුංචි රෝස මලක් බිහි කරලා තිබුණා…

ඒ ගැන තිසර පෙරේරා සිය මුහුණුපොතේ පළ කළ සටහනක් පහතින්,

“ජීවිතේ බලාපොරොත්තුවක් නැති කාලේක මට ඔයා මුනගැහිලා මගේ මුළු ලෝකෙම ආලෝකයක් කරා. අවුරුදු ගනන් බලන් හිටිය මේ ලෝකේ මං ආසම කරන දේ ඔයා මට දුන්නා. අපි දෙන්නා මේ ලස්සන ජීවිත ගමන ආදරෙන් යමූ..”

ඡායාරූපය සහ උපුටාගැනීම : Thisara perera ෆේස්බුක් පිටුවෙන්