hit counter

2026 ජනවාරි මස 28 වන බදාදා

2025 ජූලි 14, පෙ.ව. 10:17



අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මඟින් 2025 ජූලි මස 14 ර්නම් අද වන විටත් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ රාජ්‍ය නිලධාරීන්ගෙන් අද දින සිට දඩ මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙස රටේ සෑම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ.

එහි ප්‍රතිඵලයලක් ලෙස වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුපෙන් අද සිට දිනකට තිහෙන් පංගුවක් බැගින් (1/30) කපා හැරීමට පියවර ගනු ඇති බව සඳහන්.

ඒ අනුව සඳහන් කර ඇත්තේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට බැඳී සිටින රාජ්‍ය නිලධාරීන් සෑම වර්ෂයකම මාර්තු මස 31 වන විට තමන් සතු දේපළ සම්බන්ධ විස්තර ජූනි මස 30 වන දිනට පෙර එම ආයතන ප්‍රධානීන්ට භාරදිය යුතු බවයි.

ඉන්පසු ආයතන ප්‍රධානීන් අඳාළ ප්‍රකාශ CIABOC වෙත යොමු කරනු ඇත. කෙසේ වෙතත් ඉකුත් ජූනි 30 වනදා වන විට වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර නොදුන් රාජ්‍ය නිලධාරීන්ට අඳාළ ප්‍රකාශ ඉදිරිපත් කිරීමට සති දෙකක සහන කාලයක් ලබා දී තිබුණා.

එසේම මෙම සහන කාලය තුළදී ප්‍රකාශ භාරදුන් නිලධාරීන්ට අල්ලස් කොමිසමෙන් අවවාද ලිපියක් පමණක් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් අද දින (ජූලි 14) අවසන් වූ සති දෙකක සහන කාලය තුළදී පවා වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර නොදුන් නිලධාරීන්ගේ ලැයිස්තුව, එම ආයතන ප්‍රධානීන් ඉදිරි දිනවලදී CIABOC වෙත යොමු කළ යුතු වෙනවා.

ඒ අනුව දඩ මුදල් අය කරනු ලබන්නේ අඳාළ නිලධාරීන්ගෙන් බව සඳහන්.

එමෙන්ම මෙම නව රෙගුලාසිය ක්‍රියාත්මක වන්නේ, නව දූෂණ විරෝධී පනත ප්‍රකාරව දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා බව දක්වා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: