hit counter

2026 සැප්‍තැම්‍බර් මස 03 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 15, ප.ව. 6:44



අමෙරිකානු තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් එළැඹෙන 18 වනදා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

අද (15) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා,
අපේ කණ්ඩායම වොෂින්ටන්වලට යනවා. සාකච්ඡා දිගටම යනවා. උපරිම උත්සහ කරනවා අගොස්තු 01 කලින් අපි මත පනවපු බදු අඩුකර ගන්න. ඒ සම්බන්ධයෙන් ද්ව්පාර්ශවික ගිවිසුමකට එන්න දැනටමත් සාකච්ඡා කරලා තියනවා. අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.