2025 ජූලි 17, ප.ව. 1:13
ලකයි සිකයිගේ අලුත්ම වැඩේ ගැන ඔබ සමහර විට මේ වෙනකොටත් දන්නවා ඇති.
ඔවුන්ගේ අලුත්ම වැඩේ තමයි “සුර දෙටුවෝ”.
මේ අලුත්ම චිත්‍රපටයේ මුහුරත් උළෙල අද තිබුණා.
මේ කතාව එකිනෙකට වෙනස්, එකිනෙකාගෙන් පරස්පර රැකවල් දූතයෝ දෙන්නෙක් ලැබිච්ව පුංචි කෙල්ලෙක් ගැන.
මේ දෝණි ඉන්නේ ළමා නිවාසෙක.
ළමා නිවාසේ ළමයින්ගේ වගේම පාලිකාවන්ගෙන්, සේවිකාවන්ගෙත්, ආදරය හොඳින්ම දිනාගත්ත කෙනා තමයි දෝණි.
මේ ළමා නිවාසේ පටන්ගෙන තියෙන්නේ සීයා කෙනෙකුයි. ආච්චි කෙනෙකුයි. සීයා මැරිලා. අපේ කතාව පටන් ගනිද්දීම ආච්චිත් මැරෙනවා. ආච්චිගේ මරණය දෝණිට තදින් දැනෙනවා.
මේ නිසාම දෝණි මුලින්ම සීයගෙන් ඉල්ලනවා එයාව බලාගන්න කෙනෙක් එවන්න කියලා. පස්සේ කවුරුවත්ම එන්නේ නැති තැන, ආච්චිගෙනුත් දෝණි මේ ඉල්ලීමම ඉල්ලනවා.
ඉල්ලීම් කරන අයට රැකවල් දූතයෝ දෙන්නේ රැකවල් දූත මධ්‍යස්ථානය’ කියලා තැනකින්. මේකේ ලොක්කා ටිකක් ලංකාවේ සනත් ගුණතිලක වගේ කෙනෙක්.
කොහොමින් හරි සිද්ධ වෙන වැරදීමකින් දෝනිට රැකවල් දූතයෝ දෙන්නෙක් ඇලොකේට් වෙනවා. එක්කෙනෙක් ලකා. හරිම වගකීම් සහගත, ආදරණීය චරිතයක්. අනිත් කෙනා සිකා, මිනිහ ඉතිං බුලම තමයි.
මෙතනින් එහාට කුතුහලයක් තියාගෙන ෆිල්ම් එක බලන එක අපි ඔබට භාර කරනවා.
ලක්මාල් වීරසිරිගේ අධ්‍යක්ෂණයෙන්, සුදේෂ් මුතුනව ගොන්නගේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටයේ නිර්මාණ සැලසුම්කරණය සිදු කරන්නේ සුනෙත් මාලිංග ලොකුහේවා විසින් වන අතර කැමරා අධ්‍යක්ෂණය මාධව කමල සිරි විසිනුයි.
මෙහි තිර රචනය සිදු කර තිබෙන්නේ සුනෙත් මාලිංග ලොකුහේවා, ලක්මාල් වීරසිරි, ප්‍රියනාත් විදානපතිරණයි.
සංස්කරණය මාධව කමලසිරි, පැතුම් සඳරුවන් සිදු කර ඇති අතර පසුබිම් සංගීතය කසුන් කල්හාරගෙනුයි.
2025 ජූලි 18, පෙ.ව. 12:12
2025 ජූලි 18, පෙ.ව. 12:08
2025 ජූලි 17, පෙ.ව. 12:11
2025 ජූලි 17, පෙ.ව. 12:02
2025 ජූලි 16, පෙ.ව. 12:09