2025 ජූලි 21, පෙ.ව. 11:32
පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා මේ වන විට අධිකරණය මඟින් සිරදඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට අද (21) කොළඹ මහාධිකරණය හමුවේ තවත් නඩුවක් සඳහා අධිචෝදනා භාරදුන්නේය.
ඉන් අනතුරුව මෙම විත්තිකරුවන් තුන්දෙනා ඇප මත මුදා හැරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේය.
කෙසේ වෙතත් මෙම නඩුවේ විත්තිකරුවන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය දැනටමත් සිරදඬුවම් නියම වී සිටින බැවින් ඔවුන්ව මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහාධිකරණ විනිසුරු නියම කළේය.
2025 ජූලි 22, පෙ.ව. 12:16
2025 ජූලි 22, පෙ.ව. 12:12
2025 ජූලි 22, පෙ.ව. 12:10
2025 ජූලි 22, පෙ.ව. 12:09
2025 ජූලි 22, පෙ.ව. 12:05