hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 28, පෙ.ව. 12:11



නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් පැවැත්වෙන කාලය සහ විවේක කාලය වෙනසක් සිදු කර තිබේ.

ඒ අනුව පෙරවරු 7.30 සිට සවස 2.00 දක්වා පාසල් පැවැත්වෙන අතර විවේක කාල දෙකක් ලබාදීමට නිර්දේශ කර තිබෙනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව ජනවාරි 01 වැනිදා සිට පාසල් පැවැත්වෙන කාලය දිනකට විනාඩි 50 කින් වැඩි වෙන බැවින් එය දරුවන්ට දරා ගත නොහැකි නිසාපෙරවරු 10.10 සිටි 10.30 දක්වාත් දහවල් 12.10 සිට 12.20 දක්වාත් දිනකට විවේක කාල දෙකක් ලබා දී තිබෙන බව ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අශෝක ද සිල්වා මහතා පැවසීය.

පන්ති කාල සටහන්වල වෙනසක් සිදුකරන අතර ඒ අනුව පෙරවරු 7.40 සිට 8.30 , 8.30-9.20, 9.20 -10.10, 10.30 -11.20, 11.20 සිට දහවල් 12.10 දක්වාත් 12.20 -1.10, 1.10-2.00 දක්වා කාලය සංශෝධනය කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: