2025 අගෝස්‍තු 12, ප.ව. 4:45
පාත්ෆයින්ඩර් පදනම නාමධාරී විශිෂ්ඨ පුද්ගලයන් දෙදෙනෙකු සිය පදනමේ ඉදිරි සැලසුම් සඳහා සම්බන්ධ කරගැනීමට තීරණය කර තිබේ.
ස්වාධීන, පාර්ශවයක් රහිත, නිර්දේශපාලනික ආයතනයක ස්වභාවය එයින් අපේක්ෂා කරන බව පාත්ෆයින්ඩර් පදනම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
භූ දේශපාලනික, ආර්ථීක ප්‍රතිසංස්කරණ හා ඉන්දියන් සාගර කලාපයට සම්බන්ධ පදනම ක්‍රියාත්මක කරන වැඩසටහන්වලට මෙම පාත්ෆයින්ඩර් නාමධාරීන් ගේ සේවාව ඉතාම වැදගත් බව ද එහි දැක්වේ.
මුදල් අමාත්‍යංශයේ සහ මහා භාණ්ඩාගාරයේ හිටපු ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා පසුගිය දා පාත්ෆයින්ඩර් පදනම හා එක් වූ අතර හෙතෙම පරිසර හා ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යංශවල ද ලේකම්වරයා වශයෙන් සේවය කර අත්දැකීම් සහිතය.
අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ නැවතත් පාත්ෆයින්ඩර් පදනම හා එක් වූ අතර හෙතෙම නාවික හමුදාවෙන් විශ්‍රාම ගිය වහා අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කර පසුව ජනාධිපති අතිරේක ලේකම් හා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්ධුරයට පත් වූ අතර ඉන්දුනීසියාවේ තානාපති ධුරය ද හෙබැවීය.
මේ අතර පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයෙකු ඇතුළු ජ්‍යෙශ්ඨ තනතුරු ගණනාවක අත්දැකීම් ඇති දේශමාන්‍ය ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා දීර්ඝ කාලයක් පාත්ෆයින්ඩර් පදනමේ උප සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර පසුව මහ බැංකු අධිපතිවරයා වශයෙන් සේවය කළේය. හෙතෙම පාත්ෆයින්ඩර් පදනමේ විශිෂ්ඨ නාමධාරියෙකු වශයෙන් මෙයට කෙටි කාලයකට ඉහත දී පත්වීම් ලැබීය.
2025 අගෝස්‍තු 11, ප.ව. 2:51
2025 අගෝස්‍තු 11, ප.ව. 2:48
2025 අගෝස්‍තු 07, ප.ව. 7:15
2025 අගෝස්‍තු 07, ප.ව. 2:13
2025 අගෝස්‍තු 07, ප.ව. 2:08