2025 අගෝස්‍තු 14, පෙ.ව. 12:04
නව ජනතා පෙරමුණ පක්ෂ මුලස්ථානයේ දී අද දින පැවැති මාධ්‍ය හමුව සඳහා පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා හා ප්‍රාදේශිය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර මහතා,දෙහිවල ආසන සම සංවිධායක අජන්ත දි සිල්වා මහතා සහභාගි විය.
එහිදි අදහස් දැක්වු පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා බුද්ධි අංශ නිළධාරින් දඩයමට රවි සෙනවිරත්න මහතා නිශාන්ත කන්දප්පා ගෝලයා යොදා ගෙන ඇති බව ප්‍රකාශ කරන ලදී.
පසුගිය මාර්තු මස 05 වන දින රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමග මල්පාර පැවැති සාකච්ඡාව අවසන් වීමෙන් පසු රටේ පැවැති වර්තමාන තත්වය ගැන මාධ්‍ය ඉදිරියේ දී අදහස් දැක්වීමේ දී මේ ආණ්ඩුවේ අසංවේදී බාවය හා අත්දැකීම් නොමැති කම නිසා ඉදිරි මාස කිහිපයේ රටතුල දැවැන්ත වැඩ වර්ජන හා උද්ඝෝෂණ රැල්ලක් ඇතිවිය හැකි බව මා විසින් සඳහන් කලා.
මේ ප්‍රකාශය සම්බන්ධව අදහස් දක්වමින් නාමල් කරුණාරත්න හා නලින්ද ජයතිස්ස අමාත්‍ය වරයා ඉතා උපහාසාත්මකව ප්‍රතාචාර දක්වමින් කියා සිටියේ රනිල්ගේ ගෝලයා දවල් හීන දකින බවයි. හැබැයි අද වෙනකොට මේ රටේ දැවැන්ත වැඩවර්ජන හා උද්ඝෝෂණ රැල්ලක් ක්‍රියාත්මකයි.
ඊයේ පෙරේදා දවස් දෙක විතරක් බැලුවත් වැඩ වර්ජන 32 කට ආසන්න ප්‍රමාණයක් රටපුරා ක්‍රියාත්මක වුනා. ගුරුවරු පාරේ ,විදුලි සේවකයෝ පාරේ, රැකියා විරහිත උපාධිධාරීන් පාරේ ,වී ගෝවින් ටික පාරේ ,වට්ටක්කා ,අල ළුනු ගොවීන් ටික පාරේ තරුණ තරුණියෝ ටික පාරේ . අපි අහන්න කැමති පොහොසත් රටේ ලස්සන ජීවිතය මේ කද කියලා. අපි කලින් රටේ මේ තත්වය දැක්ක හින්දා තමයි ආණ්ඩුවට කිව්වේ,මේ උද්ඝෝෂණ වැඩ වර්ජන වල විශේෂත්වය .මේ වැඩවර්ජන , උද්ඝෝෂණ තුල කිසිම දේශපාලන මෙහෙයවීමක් නෑ. මේ ඉන්නේ ස්වේච්ඡාවෙන් පාරට ආපු මිනිස්සු. හැබැයි පසුගිය අවුරුදු 76 මේ රටේ තිබුන හැම වැඩවර්ජනයක්ම හැම කඩාකප්පල්කාරී ක්‍රියාවක්ම පිටිපස්සේ හිටියේ මේ අද රට කරවන උදවිය .
එදා ගොවීන් ,කම්කරුවන් ,රාජ්‍ය සේවකයෝ රැකියා විරහිත තරුණ තරුණිය පාරට ගෙනල්ලා ඔවුන් මේ රටට කල සාපය අද ඔවුන්ට පාරා වලල්ලක් වෙලා. එදා රටට දුන්නු පොරොන්දු 1329 ට අදාල ජනතාව දැන් පාරට එමින් ඉන්නේ.
විට්ස් කාර් දෙනවා කියලා ජනතාව රැවට්ටුවා වගේ රැකියා දෙනවා කියලා උපාධිධාරින් රැවට්ටුවා වගේ සහතික මිලක් දෙනවා කියලා ගොවීන් රැවට්ටුවට,ඉන්දන සහනාධාර දෙනවා කියලා ධීවරයෝ රැවට්ටුවට,රටේ සමස්ත ජනතාවම රැවට්ටුවා විතරක් නෙමේ දූපතක් දෙන්නම් කියලා රිලවුනුත් රැවට්ටුවා. ආරක්ෂාව දෙන්නම් කියලා අලිත් රැවට්ටුවා. මෙහෙම රවට්ටපු ආණ්ඩුවක් ලොවෙත් නෑ… ලොවි ගහෙත් නෑ…. මාලිමාවම පමණයි
රටේම මිනිස්සු පාරට බහිද්දි ජනපතිතුමන් ඒවා විසදනවා වෙනුවට ටිල්වින්ගෙයි, හරිනිගෙයි වලිය බෙරනවා. අනපේක්ෂිත රොකට් ප්‍රහාරයෙන් ටිල්වින් ලොකු අයියගේ සමස්ථ පරිපාලන ජාලයම අවුල් වෙලා.
දැන් පැලවත්තේ වෙනදාට අමාත්‍යාංශ වලට ලැබෙන උපදෙස් ලැබෙන්නේ නෑ. රාජ්‍ය ආයතන ඇමතිවරු ,නිළධාරින් වැඩ කරන්නේ නෑ. ඒක තියා දවසින් දවස ප්‍රශ්න වැඩිවෙනවා.ඒ නිසා ටිල්වින් ,හරිනි රොකට් සෙල්ලම තව දවස් දෙක තුනක් දිග්ගැස්සුනොත් මුළු රටම ඇන හිටිනවා.
ඒ බිද වැටෙන්නේ ආණ්ඩුව නෙමේ රාජ්‍ය . ඒ නිසා අපි මහා චේතිය ප්‍රසාදීනි අනුර කුමාරගෙන් ඉල්ලන්නේ කරුණාකරලා සාර්ව පාර්ශවික සමුළුවක් කැදවලා මේ ඇතිවෙන වැඩවර්ජන උද්ඝෝෂණ ,ජාතික ආරක්ෂාව බිදවැටීම ගැන වහා වහා සාමුහික විසදුමකට එන්න කියලා.
පසු ගිය දිනක චීචිගේ සුප්‍රිම් චැට් චන්ද්‍රිකාව පැලවත්තට පතිත වන දිනයේ පරල උනු මහා චේතිය ප්‍රසාදිනිතුමෝ පාර්ලිමේන්තුව අමතමින් කීර්තිමත් දේශප්‍රේමි පුත්‍රයකු උනු හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මැතිතුමා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව තවත් අමුම අමු කෙප්පයක් ඇද බෑවා.
ජනපති ක්‍රියාව අධිකරණය මත පටවන්න හැදුවත් මෙහි සැබෑව අවශ්‍යතාව ඇත්තේ අධිකරණයට නෙමේ ආණ්ඩුවට. ආණ්ඩුව ඒ ක්‍රියා දාමය සඳහා ප්‍රබන්ධන විශාරද විශ්‍රාමික ශානි අබේසේකර මහතා යොදාගෙන තියෙනවා.
මේ රණවිරුවන් බුද්ධි අංශ පාවා දීලා දෙමල ඩයස් පෝරා එක සතුටු කරන එක තමයි එයාලගේ අරමුණ.
මේ සමස්ත ක්‍රියා දාමය දැන් ක්‍රියාත්මක කරන්නේ ප්‍රබන්ධන ශුරි ශානි අබේසේකර මහතා ශානි අබේසේකර මහත්තයා යහපාලන සමයේ නවත්තපු තැනින් රණවිරු දඩයම පටන් ගන්න අවශ්‍ය උපරිම සහයෝගය විශ්‍රාමික රවී සෙනවිරත්න මහත්තයාගෙනුත් විශ්‍රාමික DIG අම්පාවිල මහත්තයගෙනුත් ලැබෙනවා. ශානි මහත්තයට අවශ්‍ය චරිත සහතිකය කතෝලික සභාවෙන්ම ලැබිලා තියෙන්නේ. ඒ හින්දා තමයි 2010. 07 .25 දින අලව්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් කෑගල්ලේ ශාන්ත සමරවීර 2010.07.26 පාන්දර අලව්ව රෝහලේ දී පොලිස් රෝහලෙන් පැනගිය ශාන්ත සමරවීරගේ සිද්ධියට අදාලව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 296 යටතේ නිශාන්ත උළුගේතැන්න මහතාට නඩු පවරන්න හදනවා.
හැබැයි අපිට ලැබිලා තියෙන තොරතුරු වලට අනුව මේ කාරණා ගැන ප්‍රමාණාත්මක පරීක්ෂණයකින් තොරව ප්‍රබන්ධනාත්මකව තමයි උළුගේ තැන්න මැතිතුමාව දඩයම් කරන්නේ.
ඒ වගේම කැප්ටන් සුමිත් රණසිංහ මහතාටත් මේ කාරණයටම නඩු පවරණවා. ඔහුත් අතිදක්ෂ බුද්ධී අංශ නිළධාරියෙක්. ඔහු මේ කුරිරු යුද්ධය අවසන් කරන්න තීරණාත්මක වැඩ කොටසක් කල නිළධාරියෙක්.
2008 ජුනි මස 29 ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ප්‍රවාහනයට සැලසුම් කර තිබුනා අධිබලැති පුපුරණ ද්‍රව්‍ය 1008 කිලෝග්‍රෑම් අඩංගු ලොරියක්. මෙය තමයි මේ තිස් අවුරුදු යුද්ධයේ දී ලංකාවේ හොයාගත්ත ලොකුම බෝම්බ ලොරිය. යුද්ධයේ උච්චතම අවස්ථාවේ දී මේ ලොරිය කොල්ලුපිටිය ජනාධිපති ලේකම් කාර්යාලයත් අතර පුපුරවා හරින්න තමයි සැලසුම් තර තිබුනේ.
මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ,සරත් ෆෝන්සේකා ඇතුලු සියලු ආරක්ෂක ප්‍රධානීන් එකවර ඝාතනය කරන්න තමයි මේ ලොරියේ සැලැස්ම වෙලා තිබුනේ.
ඔබ හිතන්න කිලෝ ග්‍ර්ම් 20 බෝම්බයකින් කටුවාපිටියට එතරම් විනාශයක් උනානම් කිලෝ ග්‍රෑම් 1008 ක ප්‍රමාණයකින් කොළඹ ,කොල්ලුපිටියට ආසන්නයේ පිපුරුනානම් අපේ ඉතිහාස කතාව සම්පුර්ණ වෙනස් වෙනවා.
එහෙනම් ප්‍රභාකරන් අදටත් ජීවත් වෙන්න ඉඩ තිබුනා. රටටම මල ගෙයක් වෙනවා. මේ මහා දැවැන්ත ව්‍යසනය නැවැත්තුවේ කැප්ටන් සුමිත් රණසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් බුද්ධි කණ්ඩායම. එම කණ්ඩායමේ හිටපු කෝසල කුමාරත්, ජනක කුමාරත්, සුමිත් රණසිංහවත් මේ ප්‍රබන්ධයටම අත්අඩංගුවට අරගෙන ඇප දෙනවා. අද ඔවුන්ගේ වැඩ තහනම් වෙලා.
මේ ප්‍රබන්ධවලට 296 යටතේ නඩු පවරන්න බෑ කියපු අවංක පොලිස් නිළධාරි වෙච්ච IP සුගත් කුමාර ප්‍රබන්ධ ශුරි රවීගේ උදහසට ලක්වෙනවා.
සුගත් කුමාර මහතා වහාම මේ පරීක්ෂණවලින් අයින් කරලා මේ පාවාදීමට එකග වු ඉලංගසිංහව පත් කරනවා. ඉලංග සිංහ කියන්නේ මේ සමස්ථ බුද්ධි නිළධාරි දඩයමේ ගෝඩ් ෆාදර් වෙච්ච නිශාන්ත කන්දප්පාගේ සුවච කීකරු ගෝලයා.
ඒ වගේම අපිට තොරතුරු ලැබිලා තියෙනවා ශානි අබේසේකර මහත්තයා ධුරය බාරගත් විගස මේ නිශාන්ත කන්දප්පාගේ කණ්ඩායමේ හිටපු සාජන් නාමල් හා සාජන් රාජපක්ෂ නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බදවා ගෙන ඔහුට නාවික හමුදාපතිතුමා පුමුඛ මේ කණ්ඩායමට එරෙහි පරීක්ෂණ භාර දෙනවා.
මේ නිශාන්ත උලුගේ තැන්න මහතා සුමිත් රණසිංහ මහතා ඇතුලු කණ්ඩායමට දඩුවම් කිරීමෙන් වැඩියෙන් සතුටු වෙන්නේ ඩයස්පෝරාවයි.
අද පොලිස් පරීක්ෂක ඉලංගෙසිංහ ,සාජන් නාමල්, සාජන් රාජපක්ෂලා වැඩ කරන්නේ ස්විස් යන්න බලාගෙනය. අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව නිශාන්ත කන්දප්පා පොරොන්දු වෙලා තියෙන්නේ ඔවුන්ට මේ මෙහෙයුමෙන් පස්සේ ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබා ගන්න අවශ්‍ය පහසුකම් හදලා දෙනවා කියලා.
අද මේ රවිලා, ශානිලා මුලික සිද්ධාන්ත පවා උල්ලංඝණය කරලා තමයි මේ පාවා දීම කරන්නේ. පොලිසීයට අපි ඕනම කෙනෙක් ප්‍රකාශයක් ලබා දුන්නම අවසානයට කියනවා කියවලා බලලා තේරුම් අරගෙන අත්සන් කලේ කියලා. හැබැයි අද මේ සුරපප්පා කණ්ඩායම යුද්ධය අවසන් කරන්න උදව් කරපු TMVP සාමාජිකයින් බය කරලා ත්‍රිවිධ හමුදා නිළධාරින්ට විරුද්ධව ප්‍රකාශ ලබා දෙන තැනට පොලබවනවා.
සෙල්ලතම්බි මහේන්ද්‍රන් නොහොත් භාරතීගෙන් එහෙම ලබාගත් සිංහල ප්‍රකාශය ඔහු දමිල භාෂාවෙන් අත්සන් කිරීම නිසා අධිකරණයට ඇති සැකය නොවන්නේ නම් අද හිටපු නාවික හමුදාපතිවරු 04 ,05 ක් ඉන්නේ අත්අඩංගුවේ. මේ කරණ පාදඩ වැඩේ නිසා චීචීගේ රොකට්ටුව විතරක් නෙමේ නාමල්ගේ ලැම්බෝගිනිය, රත්තරන් අශ්වයින් ,උගන්ඩාවේ සල්ලිත් මාලිමාවේ හිස මතට කඩන් වැටෙන්න තව වෙසක් පෝය දෙකක් වත් යන්නේ නෑ කියලා අපි කියන්න කැමති.
2025 අගෝස්‍තු 15, ප.ව. 12:18
2025 අගෝස්‍තු 15, පෙ.ව. 10:12
2025 අගෝස්‍තු 15, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 15, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 15, පෙ.ව. 12:08