2025 අගෝස්‍තු 14, ප.ව. 12:04
පසුගියදා ඝාතනයට ලක්වූ හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව ඝාතන කිරීමේ සැලස්ම සකස් කර ඇත්තේ මහර බන්ධනාගාරයේ රඳවා සිටින ලලිත් කන්නන්ගර නමැති පාතාල නායකයාගේ ගෝලයන් දෙදෙනකු විසින් බව පොලිසිය සිදුකළ විමර්ශනවලින් හෙළිවී ඇත.
පොලිසිය අනාවරනය කරගෙන ඇති තොරතුරු අනුව ඩුබායි හි සැඟවී සිටින ලලිත් කන්නන්ගර නමැති පාතාල නායකයාගේ ගෝලයන් දෙදෙනකු බව කියන ආමි සම්පත් සහ පොළොන්නරුවේ සුද්දා නමැති අපරාධකරුවන් දෙදෙනා මහර බන්ධනාගාරයේ සිට මෙම ඝාතන සැලසුම මෙහෙයවා තිබේ.
මෙම ඝාතනය සඳහා යොදාගත් ග්ලොග් 19 නමැති පිස්තෝලය ඔස්ටි්‍රයාවේ නිෂ්පාදනය කළ අති නවීන ස්වයංක්‍රීය අවියක් බව පොලිසිය හඳුනාගෙන ඇත.
හිටපු මන්ත්‍රීවරයාට වෙඩි තැබූ කුලී ඝාතකයා සහ මෝටර් රථය පැදවූ පුද්ගලයා දින 4ක් තිස්සේ මහරගම පමුණුව ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළක නවාතැන් ගෙන සිට ඇත්තේ මෙම ප්‍රහාරය සඳහා ලලිත් කන්නන්ගරගෙන් නියෝග ලැබෙන තුරු බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
මෙම ප්‍රහාරය සඳහා සුදු පැහැති මෝටර් රථයෙන් කුලී ඝාතකයා රැගෙන ගිය රියැදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු පවසා ඇත්තේ ප්‍රහාරය වෙනුවෙන් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් විසිදහසක් තමන්ට ලැබුණු බවයි.
ප්‍රහාරයෙන් පසුව රුපියල් ලක්ෂයක මුදලක් තමන්ට ලබාදීමට ලලිත් කන්නන්ගර පොරොන්දුවී සිටි බවද සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබේ.
ඝාතනයට ලක්වූ හිටපු මන්ත්‍රීවරයා ලලිත් කන්නන්ගරගේ නම පාවිච්චි කරමින් ව්‍යාපාරිකයන්ගෙන් සහ ධනවත් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇති අතර මෙම සිද්ධියට හේතු වී ඇත්තේ එය බවද පොලිසිය පවසයි.
ලලිත් කන්නන්ගර කප්පම් ඉල්ලා සිටින ධනවත් පුද්ගලයන් මුණගැසී එම කප්පම් ගෙවීම් ප්‍රශ්නය ෂේප්කර දෙන බව කියමින් ඔවුන්ගෙන් මුදල් ලබාගැනීමට ඝාතනයට ලක්වූ හිටපු මන්ත්‍රීවරයා සහ තවත් අයෙකු කටයුතු කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
මේ සිද්ධිය සැලවීමෙන් පසු ලලිත් කන්නන්ගර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සමග දැඩි වෛරයකින් පසුවී ඇති අතර මෙම ඝාතනයට එම සිදුවීම මූලික හේතුව වී ඇති බවද පොලිසිය පවසයි.
2025 අගෝස්‍තු 14, ප.ව. 12:54
2025 අගෝස්‍තු 14, පෙ.ව. 12:17
2025 අගෝස්‍තු 14, පෙ.ව. 12:12
2025 අගෝස්‍තු 14, පෙ.ව. 12:11
2025 අගෝස්‍තු 14, පෙ.ව. 12:09
13-08-25
13-08-25
30-07-25
30-07-25
01-07-25
01-07-25
29-12-23
29-12-23
21-09-23
21-09-23
02-08-23
02-08-23
14-10-22
14-10-22
14-10-22
14-10-22
01-10-22
01-10-22
20-09-22
20-09-22