hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 18, පෙ.ව. 12:05



කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක සිසුවියන් පස් දෙනෙකු මත්පෙති භාවිත කර සිටියදී මරදාන පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ. එම සිසුවියන්ට මත්පෙති අලෙවි කළ බව කියන පුද්ගලයෙකු ද මත්පෙති දෙකක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

තම පාසලේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් කිහිප දෙනෙකු මත්පෙති භාවිත කර ඇති බවට විදුහල්පතිනිය විසින් දුරකථනයෙන් සිදුකළ දැනුම් දීමකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පාසල වෙත ගොස් ඇත. එහිදී හඳුනාගත් සිසුවියන් පස්දෙනා වැඩිදුර විමර්ශන සඳහා පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබේ.

පොලිස් ස්ථානයේදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, සිසුවියන් සිව් දෙනෙකුම තමන්ට මත්පෙති ලබාදුන්නේ තම කණ්ඩායමේ සිටි එක් සිසුවියක් බවට අනාවරණය කර ඇත.

අනතුරුව එම සිසුවියගෙන් ප්‍රශ්න කිරීමේදී, මට්ටක්කුලිය, මල්වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් තමන් මත්පෙති මිලදී ගත් බව ඇය පිළිගෙන තිබේ. පළමු අවස්ථාවේදී මත්පෙති තුනක් පාසලට ගෙනවිත්, තමන් එකක් පානය කර අනෙක් දෙක මිතුරියන් දෙදෙනෙකුට ලබාදුන් බවත්, පසුව ඔවුන්ගේ ඉල්ලීම මත තවත් අවස්ථා කිහිපයකදීම මත්පෙති පාසලට රැගෙන විත් මිතුරියන් සමග එක්ව වැසිකිළිය තුළදී ඒවා භාවිත කළ බවත් ඇය පොලිසියට පවසා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: