hit counter

2025 අගෝස්‍තු මස 23 වන සෙනසුරාදා

2025 අගෝස්‍තු 22, ප.ව. 9:58



කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නඩුව මෙතෙක් ආරම්භ වී නැතැයි වාර්තා වෙයි.

එය යළි ආරම්භ වීමට නියමිතව තිබියදී අධිකරණයේ විදුලිය විසන්ධි වීමක් ද සිදුවුණා.

පසුව ලංකා විදුලිබල මණ්ඩලයේ නඩත්තු අංශයේ සේවකයින් අධිකරණයට පැමිණ විදුලිය විසන්ධිවීම යථා තත්ත්වයට පත්කෙරුණා.

මෙම නඩුව පැය භාගයකට කල් තැබුණේ සවස 5.30ට බව සඳහන්.

නඩුව කල්තැබුණු අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහගේ අසල අසුනේ හිඳ ගෙන සිටිනු දක්නට ලැබුණා.

මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට විරුද්ධ පක්ෂයේ දේශපාලඥයන් රැසක්ම පැමිණ සිටිනවා.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු තවත් දේශපාලන පක්ෂ රැසක නියෝජිනයින් ඒ අතර වෙයි.

නාමල් රාජපක්ෂ, කබීර් හෂීම්, අනුර යාපා, චාමර සම්පත් දසනායක, මනුෂ නානායක්කාර, මනෝ ගනේෂන්, වීර කුමාර දිසානායක, දුමින්ද දිසානායක, ඩී.වී. චානක, සුගීෂ්වර බණ්ඩාර, ජීවන් තොන්ඩමන්, දේශපාලඥයන් රැසක්ම තවමත් මෙහි රැඳී සිටින බවක් දක්නට ලැබෙනවා.

හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මෙම නඩුව ආරම්භ වීමට පෙර අධිකරණයට පැමිණ බොකහෝ වේලාවක් එහි සිටිනු දක්නට ලැබුණා.