hit counter

2026 ඔක්‍තෝබර් මස 31 වන සෙනසුරාදා

2026 නොවැම්‍බර් 01, පෙ.ව. 12:22



වලපනේ කීර්ති බණ්ඩාර දේවාලය ඉදිකළ් අවුරුදු එකහමාරකට පමණ පෙර බස් අනතුරකින් මරුමුවට පත් බස් රියදුරෙකු වෙනුවෙන් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

“අවුරුදු එකහමාරකට දෙකකට කලින් ලංගම රියදුරෙක් බස් එක තිරිංග නැති වෙලා සෙනග පිරුණු බස් එක හෙළකට වැටෙන්න යනවා. එතනදී රියදුරා බස් එක කන්දකට හේත්තු කරනවා.

රියදුරා මැරෙනවා. එක මගියෙක්වත් ජීවිත හානියට ලක්වෙන්නේ නෑ. ඒ රියදුරාගේ නම කීර්ති බණ්ඩාර. ගමේ මිනිස්සු ඒ ගැන කම්පා වෙනවා.

මේ තරුණයා නැති වුණත් ඔහුගේ හැකියාව ආශීර්වාදය ගමට තියෙන්න ඕන කියලා දේවාලයක් හදනවා. ඒ දේවාලේ නම තමයි, වලපනේ කීර්ති බණ්ඩාර.”

උත්සව අවස්ථාවක් අමතමින් නි. ඇමති ප්‍රසන්න ගුණසේන මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: