hit counter

2025 අගෝස්‍තු මස 26 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 26, පෙ.ව. 9:32



පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පැවසූවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගන්නා බවට යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ කලින් ප්‍රකාශ කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් සුදත්ත තිලකසිරි නමැත්තාට එරෙහිව විශේෂ පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස පෙනී සිටින සුදත්ත තිලකසිරි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් තහවුරු කළේය. ඔහුට ආරක්ෂාව සඳහා අනුයුක්තව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා මෙසේ ඉවත් කරගෙන ඇත.

මීට පෙර සුදත්ත තිලකසිරි මහතා විසින් තමන්ට විවිධ පාර්ශ්වයන්ගෙන් තර්ජන එල්ල වන බවට කළ පැමිණිල්ලක් සලකා බලා ඔහුට පොලිස් ආරක්ෂාව සලසා දී තිබූ අතර මේ වනවිට ඔහුට සපයා තිබූ පොලිස් ආරක්ෂාවද ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

කෙසේවුවද, බුද්ධි අංශ විසින් සිදුකරන ලද විමර්ශනවලදී ඔහුට මේ මොහොතේ කිසිදු ආකාරයක තර්ජනයක් නොමැති බවට අනාවරණය වී ඇත බැවින් ඒ අනුව ඔහුට ලබාදී තිබූ ආරක්ෂාව ඉවත් කරගත් බවද පැවසෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: