2026 අගෝස්තු 28, ප.ව. 2:12
නාවලපිටිය ජයතිලක ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා අමාත්‍යංශයට පවරා ගෙන එහි ඉදිරි සංවර්ධන කටයුතු සිදු කරන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.
අමාත්‍යවරයා ඒ බැව් පැවසූයේ, නාවලපිටිය ජයතිලක ක්‍රීඩා සංකීර්ණය ක්‍රිඩා අමාත්‍යාංශයට පවරා ගැනිමට පෙර එහි නිරික්ෂණ චාරිකාවකට එක් වී මාධ්‍යට අදහස් දැක්වීමේදීය.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිණී තුෂාරී ජයසිංහ, නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර යන මහත්ම මහත්මීන්ගේ ආරාධනාවක් අනුව ජයතිලක ක්‍රීඩාංගණයේ නිරික්ෂන චාරිකාවකට එක් වූ අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ, මෙරටට දක්ෂ ක්‍රීඩකයින් බිහි කිරිමට ක්‍රීඩාවට අවශය භෞතික සම්පත් වැඩි දියුණු කල යුතු බවයි.
තවද ක්‍රීඩාව යනු ලාභ ලබන ව්‍යාපාරයක් නොව අනාගත ආයෝජනයක් බවත්, ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අමාත්‍යාංශයට මෙය භාරදීමට නගර සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කැමැත්ත පළ කිරීමත් සමග අමාත්‍යාංශයට මෙම ක්‍රීඩාංගණය පවරාගෙන සංවර්ධන කටයුතු සිදු කරන බවත්, එසේම ඉතා ඉක්මනින් සිදු කළ යුතු අවශ්‍යතා සපිරීම සඳහා මිලියන 4කට ආසන්න මුදලක් වෙන් කිරීමත් මෙහිදී සිදු කෙරිණ.
සාකච්ඡාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ, අමාත්‍යාංශයට පවරා ගැනීමෙන් අනතුරුව ස්වේච්ඡාවෙන් පඩි රහිතව සේවය කිරීමට ලැදි පිරිසක් යොදාගෙන ජනතාවට හිතවාදී වන ආකාරයේ ක්‍රීඩාංගන බවට නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණය පත් කරන බවයි.
ජගත් කෙළිබිම අපේ ගම රටට යන ව්‍යාපෘතිය යටතේ 2012 දී ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කරන ලද ජයතිලක ක්‍රීඩා සංකීර්ණය මේ වන විට නඩත්තු කිරීම නාවලපිටිය නගර සභාවට අපහසු කාර්යක් වි ඇති බවයි නගර සභාවේ සභාපතිවරයා කියා සිටියේ.
සාකච්ඡාවෙන් අනතුරුව නිරීක්ෂණය සඳහා ක්‍රීඩා අමාත්‍යතුමන් පිටවීමේදී නාවලපිටිය කදිරේෂන් දෙමල විද්‍යාලයේ ආදි සිසුන් විසින් විද්‍යාලීය ක්‍රීඩා අරමුදලට ආධාර ලබා ගැනීමට සංවිධානය කළ ක්‍රිකට් තරගාවලිය සහ සංගීත ප්‍රසංගය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමට ඉඩ ලබා නොදුන් බවටත්, ඒ සඳහා සහනයක් ලබා දෙන ලෙසටත් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් එම පිරිස ඉල්ලා සිටියා.
එසේම තම විද්‍යාලයට ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් දේශපාලන පළිගැනීම් සිදු කරන බවත්, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර පවතිද්දීත් මහනුවර සිට ගම්පොළ දක්වා සැණකිලි සහ සංගීත ප්‍රසංග 24 ක් අවසර ලබාදී පසුව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරිමට අවසර ලබා නොදුන් බව එම විද්‍යාලයේ ආදී සිසු සංගමයේ ලේකම් නාවලපිටිය නගර සභාවේ උප සභාපති කේ.සුරේෂ්වරන් මහතා අමාත්‍යවරයා හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ.
ශ්‍රී ලංකා පොලිසිය විසින් ලබා නොදුන් අවසරයක් ලබාදීමට හැකියාවක් තමන්ට නොපවතින බවත් ප්‍රාදේශීය නියෝජිතයන් හමුවේ ගැටලු විසඳාගන්න ලෙස සුහදව ප්‍රකාශ කරමින් අමාත්‍යවරයා එම ස්ථානයෙන් නිරීක්ෂණය සඳහා පිටත්ව විය.
ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවෙන්අනතුරුව නැවත පැමිණීමේදී කදිරේෂන් විද්‍යාලයේ ආදි සිසුන් පිරිස නැවත අමාත්‍යවරයාට බාධා කරමින් තමන්ගේ සංගීත ප්‍රසංගය පැවැත්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර, එම අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.
2026 අගෝස්තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්තු 28, පෙ.ව. 10:34
2026 අගෝස්තු 28, පෙ.ව. 10:30
2026 අගෝස්තු 28, පෙ.ව. 12:23
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26