hit counter

2025 අගෝස්‍තු මස 27 වන බදාදා

2025 අගෝස්‍තු 27, පෙ.ව. 8:41



ඊයේ (26) පස්වරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති ජාතික භික්‍ෂු දින උත්සවය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියේ නීතිය සැමට සමාන අයුරින් ක්‍රියාත්මක කරන්නට තැබූ පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැති බවයි.

“ඕන තරම් කෑ ගහන්න, අඬන්න, වැලපෙන්න පුළුවන්. ඒත් තැබූ පියවර ආපසු හරවන්නේ නෑ’ යැයි ජනාධිපතිවරයා පැවසීය.

භාණ්ඩාගාරයට පැමිණිය යුතු ධනය ඇමතිවරුන්ගේ ගෙවල් වලට ගලා ගෙන යාමට අතුරු පාරවල් හදාගෙන සිටි බව කී ජනාධිපතිවරයා එලෙස මහජන ධනය අයුතු ලෙස උපයාගෙන තිබෙනවා නම් යළි පවරා ගෙන වැරදිකරුවන්ට දඩුවම් නියම කරන බවද සඳහන් කළේය.