2025 අගෝස්තු 29, පෙ.ව. 8:39
ඊයේ (28) ඉන්දුනිසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස නීති විරෝධීව උපයාගත් වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ මෙහෙයවීමෙන් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා නීති විරෝධීව උපයාගත් මුදල්වලින් මෙරට මිළදී ගෙන ඇති චංචල හා නිෂ්චල දේපල රැසක් සම්බන්ධයෙන් මේ වන විටත් කරුණු අණාවරණ වී ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඇතැම් දේපල ඔහුගේ ගෝලයින්ගේ නමින් මිලදී ගෙන ඇති බවද විමර්ශනවලදී හෙළී වී ඇති අතර කමාන්ඩෝ සලින්ත නැමැත්තාගේ දේපල කිහිපයක් සම්බන්ධයෙන්ද තොරතුරු ලැබී ඇති බව පොලීසිය සඳහන් කරයි.
රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුත් එම දේපල සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තාකර තහනම් නියෝග ලබා ගැනීමට නියමිත බවද පොලීසිය සඳහන් කරයි.
2026 අගෝස්තු 28, ප.ව. 4:23
2026 අගෝස්තු 28, ප.ව. 2:12
2026 අගෝස්තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්තු 28, පෙ.ව. 10:34