2025 අගෝස්‍තු 31, පෙ.ව. 12:09
අවශ්‍ය නීතිමය සංශෝධන සිදු කරමින් අධිවේගී මාර්ගයට වාහන ඇතුළත් කිරීමේදී වාහන අමතර කොටස්වල තත්ත්වය පරීක්ෂා කරමින් ලකුණු ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කරන බවත් ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විශයභාර අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
එසේම වාහනවල ටයර් අවශ්‍ය නියමිත තත්ත්වයන් සහ ප්‍රමිතියෙන් නොපවතී නම් එවැනි වාහන අධිවේගී මාර්ගයට ඇතුළත් කිරීමට අවසර ලබා නොදෙන බව ද හෙතෙම සඳහන් කළේය.
2026 අගෝස්‍තු 28, ප.ව. 4:23
2026 අගෝස්‍තු 28, ප.ව. 2:12
2026 අගෝස්‍තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:34