2025 සැප්‍තැම්‍බර් 01, ප.ව. 4:10
මීතොට මුල ප්‍රදේශයේ නිවසකට කඩා වැදි එහි තිබූ ත්‍රී රෝද රථයක් හා රුපියල් විසි හයදාහක මුදලක් සොරා ගැනීමේ සිද්ධියක් මත චෝදනා ලැබ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය අපරාධකරුවෙක් ලෙස නම් දරන හරක් කටා හෙවත් නදුන් චින්තක වික්‍රමරත්න නමැත්තාට විරුද්ධව ගොනුකර තිබෙන නඩුව අද දින (01)කොළඹ මහාධිකරණයේදී පැවැත්විය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණ භූමියට රැගෙන අතර අධිකරණ ශාලාව තුළට පුද්ගලයන් ඇතුල් කර ගැනීමේදී දැඩි ලෙස ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කළ බව සඳහන්.
ඒ අනුව රජයේ නියෝජ්‍ය සොලිසිටර් සුදර්ශනද සිල්වා මහතාගේ යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගත්තේය.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝම්බර් මස විසි නම වැනිදා දක්වා කල් තැබූ අතර උසාවි භූමියෙන් පිටත් වන මොහොතේ හරක් කටා මාධ්‍යවේදීන් සිටින පැත්ත බලා
“අදින් පස්සේ නිදහස් කොල්ලෙක් තමයි”
යනුවෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
2026 අගෝස්තු 29, පෙ.ව. 12:00
2026 අගෝස්තු 28, ප.ව. 4:23
2026 අගෝස්තු 28, ප.ව. 2:12
2026 අගෝස්තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්තු 28, පෙ.ව. 10:56