2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:05
දස දශකයක් එනම් වසර සියයක් ආයු සම්පූර්ණ කළ වැඩිහිටියන්ගේ ආදායම් මට්ටම සැලකිල්ලට නොගෙන, ඔවුන් සැමට රුපියල් 5,000 ක මාසික දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබේ.
ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකාවේ සියවස ඉක්මවූ වැඩිහිටියන් 552 දෙනෙකු අගෝස්තු මාසය වන විට වාර්තා වී ඇති බවයි.
මේ අතර, දරුවන් විසින් සිය දෙමාපියන් නොසලකා හැරීමට අදාළව පසුගිය ජූලි මාසය තුළ පමණක් පැමිණිලි 28 ක් වැඩිහිටි තැනැත්තන් සඳහා වූ නඩත්තු මණ්ඩලය වෙත ලැබී ඇති බව එම ලේකම් කාර්යාලය පවසයි.
වැඩිහිටියන්ට සිදුවන අපයෝජන සහ නොසලකා හැරීම් පිළිබඳව දැනුම් දීම සඳහා ‘සරණ’ නමින් විශේෂ දුරකථන සේවාවක් හඳුන්වා දී ඇති අතර, 0707898889 යන අංකය ඔස්සේ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.
නුදුරු අනාගතයේදී නඩත්තු මණ්ඩලයට ලැබෙන පැමිණිලි මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේ විභාග කර විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවදජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය පවසයි.
2025 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:15
2025 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:11
2025 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:05
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
02-09-25
02-09-25
01-09-25
01-09-25
01-09-25
01-09-25
01-09-25
01-09-25
01-09-25
01-09-25
01-09-25
01-09-25