hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 11:02



මීට සති කිහිපයකට පෙර වැලි ටිපර් රථයක් පාසල් සිසුන් රැගත් වෑන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් පසුව පැවති සාකච්ඡාවලින් අනතුරුව තීරණයක් ගත් බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය සඳහන් කරයි.

ඒ අනුව පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ උදෑසන 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකිරීම අත්හිටුවීමට පියවර ගත් බව එහි අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් සඳහන් කළාය.

එම කාලසීමාවන් තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකරනු ලබන වාහන මාර්ගයේ ඉඩ ඇති ස්ථානවල නවතා තැබිය යුතු බවද එහි අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් සඳහන් කළාය.