2025 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 9:31
ජකාර්තාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක පානදුර නිලංගගේ අපරාධ ජාලයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ඔවුන් සතුව තිබී T-56 වර්ගයේ ගිනි අවියක්, මැගසිනයක්, පතුරම් 30ක් සහ යතුරුපැදියක් සොයාගෙන ඇත.
කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ ‘ඇඹිලිපිටිය සුරංග’ ලෙස හැඳින්වෙන අයෙකු සහ හොරණ ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයෙකි.
මොවුන්ගෙන් පළමුව අත්අඩංගුවට ගත් ‘ඇඹිලිපිටිය සුරංග’ නැමැත්තා පානදුරේ අරුක්ගොඩ ප්‍රදේශයේ කුලී නිවසක සැඟව සිටියදී සොයාගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට ගන්නා විට යතුරුපැදියක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් ද ඔහුගේ භාරයේ තිබී ඇත. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම යතුරුපැදිය පානදුර, හිරණ, මාලමුල්ල සහ මාදුපිටිය ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් කිහිපයක් සඳහා යොදාගෙන ඇති බවයි. පානදුර නිලංගගේ කණ්ඩායමේ වෙඩි තැබීම්, මිනිස් ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යතුරුපැදි සැපයීම සහ සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් ද මොහු චෝදනා ලබන්නෙකි.
ඇඹිලිපිටියේ සුරංගගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පානදුර නිලංග විසින් අපරාධ සඳහා යොදාගත් ගිනි අවි හොරණ, බටුවිට ප්‍රදේශයේ නිවසක සඟවා ඇති බවට තොරතුරු හෙළි විය.
ඒ අනුව, එම නිවස පරීක්ෂා කිරීමේදී අල්මාරියක සඟවා තිබූ T-56 ගිනි අවියක්, මැගසිනයක්, පතුරම් 30ක් සහ අපරාධ සම්බන්ධයෙන් සන්නිවේදනය සඳහා යොදාගත් ජංගම දුරකථන 7ක් පොලීසිය විසින් සොයා ගන්නා ලදී.
සැකකරුවන් දෙදෙනා වැඩිදුර කටයුතු සඳහා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
10-08-26
10-08-26
23-06-26
23-06-26
12-12-25
12-12-25
02-12-25
02-12-25
29-11-25
29-11-25
28-11-25
28-11-25
22-11-25
22-11-25
11-10-22
11-10-22
28-09-22
28-09-22
23-08-22
23-08-22