2025 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:02
සියලුම පොදු මගී ප්‍රවාහන කටයුතුවල නිරත සියලු රියැදුරන් මේ වසරේ දෙසැම්බර් මස 31 වැනිදාට පෙර ලංකා ගමනාගමන මණ්ඩලයෙන් “විශේෂ පොදු මගී ප්‍රවාහන පුහුණුව“ලබා ගැනීම අනිවාර්ය බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක පැවසීය.
බත්තරමුල්ල, මහාමාර්ග අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ලබාදෙන “විශේෂ පොදු මගී ප්‍රවාහන පුහුණුව’’ රියැදුරන් 25,000 ක් ලබාගෙන ඇතත්, එම පුහුණු බලපත්‍රය ලබාගෙන ඇත්තේ රියැදුරන් 6,029 ක් පමණක් බවද ඇමැතිවරයා කීවේය.
ඉකුත් වසරේදී (2024) රියැදුරන් 2,155 දෙනකුද, මේ වසරේදී රියැදුරන් 522 දෙනකුද මෙම පුහුණුව ලබාගෙන ඇතැයිද ඇමැතිවරයා පැවසුවේය.
පොදු මගී ප්‍රවාහන කටයුතුවල නිරත රියැදුරන්, පාසල් ළමයින් ප්‍රවාහනය කරන වෑන් රථ,බස් රථ රියැදුරන් අනිවාර්යයෙන්ම මෙම පුහුණුව ලබාගෙන අදාළ බලපත්‍රය ලබාගතයුතු බවද ඔහු කියා සිටියේය.
දින තුනක කාලයක් ලබාදෙන මෙම පුහුණු කාලය ඉදිරියේදී තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු කරන බවද ඔහු කීවේය.
2026 මාර්තු 25, ප.ව. 4:37
2026 මාර්තු 25, ප.ව. 4:03
2026 මාර්තු 25, ප.ව. 4:00
2026 මාර්තු 25, ප.ව. 2:54
2026 මාර්තු 25, ප.ව. 12:17
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26