hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2025 සැප්‍තැම්‍බර් 11, ප.ව. 6:28



රුසියාව, ඕමානය, ඩුබායි සහ ඉන්දියාවේ රැඳී සිටිමින් මෙරට අපරාධ ක්‍රියා මෙහෙයවූ රතු නිවේදන සහිත සිටි ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

එම පාතාල සාමාජිකයින් ඒ ඒ රටවල නීතිමය කටයුතු අවසන් වූ වහාහ ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට කටයුතු කරමින් සිටිනා බවද ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.