hit counter

2025 සැප්‍තැම්‍බර් මස 15 වන සඳුදා

2025 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 11:31



පසුගිය දා මැලේසියාවේදී අත්තඩංගුවට ගනු ලැබූ බැකෝ සමන්ගේ ප්‍රධාන ගෝලයෙකු වන සෙවණගල නාමල් නැමති පුද්ගලයා(39) සූරියවැව, වැවේගම පාසල ඉදිරිපිට දී අත්තඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වී තිබේ.

සැකකරු අත්තඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ආරක්ෂක අංශයන්හි විශේෂ කාර්යංශයන්හි නිලධාරීන් භාවිත කරන block 19 වර්ගයේ ගිනි අවියක් සහ ඒ සදහා භාවිතකරනු ලබන 9MM වර්ගයේ ජීව උණ්ඩ 19ක් සහ ඔහු පැමිණි වෑන් රථය මෙන්ම එමවෑන් රථය තුළ තිබී ජීව උණ්ඩ 30ක් සහ හෙරොයින් 250gක් ද පොලිස් භාරයට ගැනීමට නිලධාරීන් සමත් වී තිබේ.

අදාළ සැකකරු සෙවණගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මිනීමැරුම් මංකොල්ලකෑම් රැසකට චෝදනා ලැබ සිටින පුද්ගලයෙකු බව ද පොලිසිය සදහන් කරයි.