2022 ජූලි 15, ප.ව. 12:05
 
            
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 4 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව හෙට (16) සෙනසුරාදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්‍රීවරුන් වෙත දැනුම් දෙනවා.
1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 4 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිධුරයේ පුරප්පාඩුව ඇති වී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි.
මේ අනුව එම පනතේ 5 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව මහලේකම්වරයා විසින් හෙට (16) නිවේදනය කිරීමට නියමිතව ඇත.
මේ අතර අද පෙ.ව 10.00 ට රැස්වූ පක්ෂ නායක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දන්වා සිටියේ මීට පෙර පක්ෂ නායකයන් විසින් තීරණය කළ පරිදි ලබන 20 වැනිදා නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් තෝරා ගැනීම සිදුකරන බවයි.
ඒ අනුව ලබන 19 වන අගහරුවාදා නාමයෝජනා කැදවීමත් ඉන් අනතුරුව ලබන 20 වැනි බදාදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනතුරුව මන්ත්‍රීවරයෙකු ජනාධිපතිධුරය සදහා තෝරා ගැනීම සිදුවන බවත් කථානායකවරයා පැවසුවා.
ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මෙම ක්‍රියාවලිය නෛතික ප්‍රතිපාදන අනුව කිසිදු බාධාවකින් තොරව කඩිනමින් සිදු කිරීම සදහා සියලු පාර්ශවයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
20-10-22
 
                                            20-10-22
18-10-22
 
                                            18-10-22
18-10-22
 
                                            18-10-22
17-10-22
 
                                            17-10-22
06-09-22
 
                                            06-09-22
06-09-22
 
                                            06-09-22
04-08-22
 
                                            04-08-22
03-08-22
 
                                            03-08-22
21-07-22
 
                                            21-07-22
21-07-22
 
                                            21-07-22
21-07-22
 
                                            21-07-22
20-07-22
 
                                            20-07-22