hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මැයි 15, පෙ.ව. 12:11



ඉන්දියාවේ ප්‍රවීණතම සහ ජනකාන්ත සිනමා නළුවෙකු වන අමිතාබ් භච්චන් විසින් මෙහෙයවන ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් අතරතුර පසුගියදා ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් ද කතාබහට ලක් වෙනවා.

අමිතාබ් විසින් මෙහෙයවන Kaun Banega “Crorepati” වැඩසටහන අතරතුර එලෙස කතාබහට ලක් වූයේ දශක ගණනාවක් පුරා සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගේ ආදරයට පත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් වන ලින්ක් සමහන්.

Kaun Banega “Crorepati” වැඩසටහනට සහභාගී වන පුද්ගලයන්ගෙන්, වැඩසටහන මෙහෙයවන අමිතාබ් සාමන්‍ය දැනීම ප්‍රශ්න අසන අතර, ඒවාට සාර්ථක පිළිතුරු ලබා දෙන පිරිසට මුදල් ත්‍යාග පිරිනැමෙනවා.

පසුගිය දිනෙක මෙම වැඩසටහනට සහභාගී වූ කාන්තාවක්, වැඩසටහන අතරතුරදී කැස්ස තත්ත්වයකින් පෙළී ඇති අතර, අමිතාබ් භච්චන් මහතා විසින් ඒ අවස්ථාවේදී, කැස්ස සඳහා ගුණදායි පානයක් ඔහු සතුව ඇති බවත්, එහි නම “සමහන්” බවත් පවසමින් මොහොතකට රූගත කිරීමෙන් ඉවතට ගියා.

ඉන් පසුව යළිත් පැමිණෙන ඔහු, සමහන් පානයක් රැගෙන විත් එම කාන්තාවට ලබා දෙන්නේ එයින් කැස්ස සුව වන බව පවසමින්.