hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2022 සැප්‍තැම්‍බර් 23, ප.ව. 5:29



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අවසන් වසරේ සිසුවාගේ මරණ පරීක්ෂණය අද මහනුවර ජාතික රෝහලේ සිදුකළ අතර එහිදී දියේ ගිලීම නිසා හුස්ම සිරවීමෙන් මරණය සිදුව තිබෙන බවට විශේෂඥ අධිකරණ වෛද්‍ය ශිව සුබ්‍රමනියම් මහතා තීරණය කර තිබෙනවා.

අංජන කුලතුංග නැමැති සිසුවා පසුගිය 16 දින සිට අතුරුදන්ව සිටි අතර ඔහුගේ මළ සිරුර ඊයේ පස්වරුවේ ගන්නෝරුව හක්කිඳ දූපත් සමූහය ආසන්නයේ තිබී සොයා ගනු ලැබුවා.

ඔහුගේ අවසන් කටයුතු අද සිදු කළේ ගම්පහ මිරිස්වත්තේදී.

ඔහුගේ මව එම අවස්ථාවේදී කඳුළු සලමින් සංවේදී වූ විඩියෝවක්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.