hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2022 සැප්‍තැම්‍බර් 24, ප.ව. 3:12



මහවැලි ගගේ තිබියදී සොයා ගත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අංජන කුලතුංග නැමැති 23 හැවිරිදි සිසුවාගේ මළ සිරුර පිලිබදව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදු කෙරුණා.

මහනුවර පොලීසිය පැවසුවේ මෙය් දියේ ගිලීමෙන් සිදුවූ මරණයක් බවට මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වූ බවයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මනෝ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ ඉගෙනුම ලැබූ අංජන කුලතුංග සිය නවාතැනෙන් පිටව යාමට පෙර ලියා තබා ගිය ලිපියක් ද පොලිසියට පසුගියදා හමුවුණා.

එහි දැක්වුණේ “මම දැන් බෝඩිමෙන් යනවා. මගදී බාධාවක් උනේ නැත්නම් තව පැය භාගයක් ඇතුලත මම මහවැලි ගඟේ ඉදීවි.මට සමාවෙන්න. දැන් වෙලාව රෑ 8.00යි.”

අංජන යක්කල පිටුවල්ගොඩ පදිංචි අයෙක්.

අංජනගේ මව සිය පුතා පිළිබඳව මෙසේ අදහස් දක්වා සිටියා,

“කැම්පස් එකේ මොනා හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා සති දෙකකට විතර කලින්. සති දෙකක් ඇතුළත තමයි ඔය මොනවා හරි දෙයක් වෙලා තියෙන්නේ. එයාගේ හිත හොඳටෝම රිදිලා. කවුරු හරි මැඩම් කෙනෙක් මොකක්ද වැඩක් කරේ නැහැ කියලා එයාට හොඳටම බැනලා. එයාව පන්තියෙන් එලියට දැම්මලු. එයාට ඒක හරියට දරාගන්න බැරුව කට්ටියත් එක්ක කිව්වලු.”

කෙසේ හෝ මෙලෙස අකාලයේ විනාශ වී ගොස් තිබෙන්නේ අනාගතයේදී මෙරටට වටිනා සේවයක් ඉටු කිරීමට තිබූ තරුණ ජීවිතයක් බවට විවාදයක් නැහැ.