hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:04



“දැන් ඔයාට යන්න පුළුවන්..ඇඟ පතට අමාරුවක් නෑනේ” මෙඩිකල් සෙන්ටර් එකෙන් එහෙම උපදෙසක් ලැබුණා. හංසි එතනින් ඇවිල්ල ඉස්සරහ තිබ්බ පුටුවක වාඩි වුණා.

එතන ළඟ පාත වෙන කවුරුවත්ම නැති නිසා මේනකත් බය නැතුව හංසි ළඟටම ගිහින් කතාවට වැටුනා. “මොකද උනේ” මේනක හංසිගෙන් ඇහුවා.

හංසි වෙච්ච දේ වචනයෙන් දෙකෙන් කිව්වා මිට කලින් කවදාවත් මේනකයි හංසියි මෙහෙම ලංවෙලා කතා කරලා තිබුනේ නෑ.. පලවෙනි වතාවට තමයි දෙන්නම මූනට මූන දැක්කෙ.

දෙන්නම හිටියේ එකිනෙකාට කතා කරන්න බයෙන්. මේනක අහන දේවල් වලට හංසි උත්තර දුන්නෙ අහස දිහා බලාගෙන…මේනක අහපු හැම ප්‍රශ්නයකටම හංසිගෙන් ලැබුනේ “හ්ම්ම්..”වගේ උත්තර.

“ඔයා හරිම ලස්සනයි..”මේනක හංසිගේ ඇස් දිහා බලාගෙන එහෙම කිව්වා.. එකටත් හංසිගෙන් ලැබුණේ “හ්ම්ම්”කියන උත්තරය.

ප්‍රශ්න අහන්නේ මේනක විතරයි..හංසි කිසිම දෙයක් මේනකගෙන් ඇහුවේ නෑ..මේනක හිතේ තිබ්බ හුඟාක් දේවල් හංසිත් එක්ක කතා කර කර හිටියා..වෙලාව යනවා දෙන්නටම දැනුනෙ නෑ. ඒ අතරෙ මොරසූන වැස්ස..

කොරිඩෝව ළඟ හිටිය නිසා ඒ හිරිකඩ මේනකට හංසිට ලංවෙන්න තවත් ආශීර්වාදයක් උනා.. ඒ මදිවට වැස්සත් එක්ක ආව හිතල හුළඟ.. අඳුර වැටෙන්න ඔන්න මෙන්න… හංසිට දැන් ගෙදර යන්න වෙලාවත් ලඟයි…ඒ වෙනකොටත් හංසි ගෙදරට කතාකරලා තාත්තට කියල තිබුණේ එයාව එක්කන් යන්න එන්න කියලා..

“දැන් තාත්තා එනවත් ඇති..අපි යමු පාරට..”මේනක එහෙම කිව්වත් හංසි ටිකක් කල්පනා කරලා ඒකටත් දුන්නේ “හ්ම්ම්”කියන උත්තරයක්.. හංසිටත් මේනක දැක්කට පස්සේ ගෙදර යන්න ඒ තරම් ලොකු හදිස්සියක් නෑ කියලා දුන්න උත්තරෙන්ම මේනකට තේරුම් ගියා..

එලියට බැස්සට යන්න විදියක් නෑ.. පොඩි පොදක් යනවා..මේනකගේ බෑග් එකේ කුඩයක් තිබ්බත් මේනක ඒක ගන්න හදිස්සි වුනේ නෑ..හංසිගේ කුඩේ යටින් යන්නම මේනකට ඕනා වුනා.. හිරි පොද වැස්ස මැදින් එන සීතල හුළඟත් එක්ක යනකොට එන හැඟීම පාලනය කරගෙන නිකම්ම ඇවිදගෙන යන්න මේනකට පුළුවන් උනේ නෑ..

මේනක හංසිගේ අතින් අල්ල ගත්තා.. ඒ තමයි මේනක හංසිගේ අතින් අල්ලපු පලවෙනි වතාව.මේනකට ඒක හරි අමුතුම හැඟීමක් වුණා..ඒකට හංසිගෙන් විරෝධයක් ආවෙත් නැති නිසා මේනකට හංසි ගැන තිබිච්ච බලාපොරොත්තු තවත් ශක්තිමත් වුණා..

මැලේසියාවේ ඉඳන් කතා කරපු මුලදි දැකපු හංසි නෙමෙයි දැන් මේනක එක්ක ඉන්නෙ…මේ ටික වෙලාවට කවදාවත් නැති විදියට හංසි මේනකට ගොඩාක් ලෙනගතු වුනා…

දැන් ඒක ආදරයක් බවට පෙරලේවි යන විශ්වාසය මේනකට ඉඟි කරන්න ගත්තා.අත් දෙක අල්ලන් කැලණි කන්ද බහින මේනකට දැනුනේ පුදුම හැඟීමක්..ඔහොම නුවර පාර ළඟටම ඇවිත් කැම්පස් එක ළඟ බස් හෝල්ට් එකෙන් මේනක ආපහු හැරුණා..

“නංගී ඔයා පරිස්සමට ගෙදර යන්න,ගිය ගමන් මැසේජ් එකක් දෙන්න” මේනක හංසිට එහෙම කියද්දී හංසි මේනක දිහා බැලුවේ හරිම ආදරණිය විදිහට… “හරි අයියේ. තෑන්ක් යූ මාව බලන්න ආවාට” හංසි මේනක දිහා බලාගෙන කිව්වා..

මේනක බොඩිමට ගියේ හංසි ගෙදර ගිහින් කෝල් එකක් දෙයි කියන බලාපොරොත්තුවෙන්……. ඒ ඇස් තවම ආදරෙන්……

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි සිව්වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ. පස්වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: