hit counter

2026 මැයි මස 04 වන සඳුදා

2025 ජූලි 16, පෙ.ව. 12:13



නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අගැයීම් කෙරෙන විෂයයන් ගණන 07ක් පමණක් බව වාර්තා වෙයි.

ඒ අතරින් විෂයයන් 05ක් අනිවාර්යයෙන් අධ්‍යයනය කළ යුතු අතර ඊට ගණිතය, ඉංග්‍රීසි, මව්බස, ආගම සහ විද්‍යාව ඇතුළත් වෙයි.

ඊට අමතරව සිසුන්ට තවත් විෂයයන් දෙකක් තෝරා ගැනීමට අවස්ථාව හිමි වෙයි.

එම විෂයයන් කාණ්ඩ කිහිපයකට බෙදා තිබේ. ඒ අනුව, තාක්ෂණය, සෞන්දර්යය, කළමනාකරණය හා ව්‍යවසායකත්වය, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා, සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යයනය යන විෂය කාණ්ඩ යටතේ විෂයයන් රැසක් අතරින් දෙකක් තෝරාගත හැකි වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: