hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ජනවාරි 30, ප.ව. 8:28



අවිවාහක පුද්ගලයින්ට දරුවන් ලැබුණු පසු විවාහක පුද්ගලයින් ට රජයෙන් ලබාදෙන සහන ලබාදීමට චීනයේ සිචුවාන් ප්‍රාන්තය තීරණය කර තිබෙනවා.

චීන රජය මෙම තීරණය ගෙන ඇත්තේ මෑත කාලයේ එරට නව දරු උපත් දැඩි ලෙස පහළ යාම හේතුවෙන්.

චීනයේ නීතිය අනුව දරුවෙක් බිහිකිරීමට නිත්‍යානුකූල අවසරය ලැබෙන්නේ විවාහක කාන්තාවන්ට පමණි. 

ඒ අනුව චීනයේ සිචුවාන් ප්‍රාන්තය තීරණය කර ඇත්තේ දරුවන් ලැබීමට කැමති අවිවාහක අයට ඒ අවස්ථාව ලබාදීමටයි.

එමගින් එරට ජනගහනය වර්ධනය කර ගැනීමට බලධාරීන් අපේක්ෂා කරන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.