hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 31, ප.ව. 12:16



මඟීන් රැගෙන යමින් තිබූ ශ්‍රී ලංගම බස් රථයක් හදිසියේ තිරිංග ක්‍රියාවිරහිත වී ප්‍රපාතයකට ඇදී යමින් තිබිය දී පස් කන්දක් දෙසට බස් රථය ධාවනය කර සිදුවීමට ගිය විශාල අනතුරක් දැඩි පරිශ්‍රමයක් යොදා වලක්වා ගැනීමට එහි රියදුරු සමත් ව තිබෙනවා.

ඊයේ (30) පෙරවරුවේ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථයේ තිරිංග බෙරගල – විහාරගල ප්‍රදේශයේ දී එකවර ම ක්‍රියාවිරත වී ඇති අතර රියදුරා බස් රථය නවතාගෙන ඇත්තේ, මාර්ගයේ දකුණුපස පිහිටි කාණුවක් හරහා පස් කණ්ඩියක් දෙසට ධාවනය කරමින්.

එසේ නො කළේ නම්, අනෙක්පස පිහිටි මීටර 500ක පමණ ප්‍රපාතයට පෙරලී විශාල අනතුරක් සිදු වීමට ඉඩ තිබූ බවයි වාර්තා වන්නේ.

සිද්ධිය වනවිට බස්රථයේ මගීන් 60 දෙනෙකු පමණ සිට තිබෙනවා.

මෙලෙස අනතුර වලක්වා ගැනීමට කටයුතු කර තිබූ බස් රථයේ රියදුරු ඩී.එම්. ප්‍රියන්ත යි.

රියදුරා බස් රථය නවත්වා නො ගත්තේ නම්, ජීවිත හානි සිදු වීමට තිබූ බව යි එහි ගමන් ගත් මගියෙකු සඳහන් කළේ.