2025 මැයි 04, පෙ.ව. 12:12
“මගේ පුතා 26 වැනිදා ගියා එයාගේ මහපොළ හදාගෙන එන්නම් කියලා… මගේ පුතා ගෙදර ආවට පස්සේ අම්මිට මූණ දුන්නේ නෑ… ඒ වෙච්ච දේ වෙන දරුවෙකුට වෙන්න දෙන්නේ නැතුව මට සාධාරණේ ඉටුකරලා දෙන්න.. ”
චරිත්ගේ මව හැඬූ කඳුළින් කියන්නේ මෙපමණයි..
මේ පුවත නිසා දැන් බොහෝ දෙනෙක් කම්පනයට පත්වෙලා… විශ්ව විද්‍යාල ඇතුලේ ඇත්තටම සිදුවෙන්නේ මේ වගේ දේවල්ද..? ඔහුගේ ඒ අහිමිවුණු ජීවිතය වෙනුවෙන් වග කියන්නේ කවුද..? මේ අන්න ඒ ගැන ඇසෙන සංවේදී කතාවයි..
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර සිසුවෙක් සිය නිවසේදී ගෙළ වැළ ලාගෙන සිය දිවි හානිකරගෙන තිබෙනවා.
සිය දිවි නසා ගැනීමට පෙර ඔහු ලියූ ලිපියක දැක්වෙන්නේ මානසික පීඩනය දරා ගැනීමට නොහැකිව මෙම තීරණය ගත් බවයි.
මෙම සිසුවා දිගින් දිගටම සරසවියේදී නවක වදයට ලක් ඇති බවයි ඔහුගේ මව්පියන් පවසන්නේ. පුස්සැල්ලාව ඉහළගම ප්‍රදේශයේ පදිංචි චරිත් දිල්ශාන් නමැති මෙම තරුණයා සිය නිවසේදී සිය දිවි නසාගෙන තිබුණේ ඊයේ දිනයේදියි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබු ඔහු ඊයේ සිය නිවසට පැමිණීමෙන් අනතුරුව මෙලෙස සිය දිවි හානිකරගෙන තිබුණා.
පොලිසිය පැවසුවේ සිය ගෙවත්තේ කුකුල් කූඩුවක බාල්කයක එල්ලී ඔහු සිය දිවි නාසාගෙන තිබු බවයි.
මියගිය චරිත් දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වන අතර, සිය දිවි නසා ගැනීමට පෙර ඔහු ලිපියක් ද ලියා තිබු බවයි පොලිසිය සඳහන් කළේ. ඔහු කිසියම් මානසික පීඩාවකින් සිටි බව එම ලිපියේ දැක්වෙනවා.
”මම ඉගෙන ගන්න ආසයි. දියුණුවෙන්න ආසයි. දෙමාපියන්න සලකන්න ආසයි. මට දෙමාපියන්ගෙන් කරදරයක් නැහැ. ඒත් මේ මානසික පීඩනය මට දරාගන්න අමාරුයි. ඒ නිසා මේ තීරණය මම ගන්නවා. මේකට කවුරුත් වගකියන්න ඕන නැහැ”
පේරාදෙණිය මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු චරිත් වැඩිදුර අධ්‍යාපනය සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයට ඇතුළත් වී තිබුණා. විශ්වවිද්‍යාල ආරංචි මාර්ගවල දැක්වුණේ ඔහු අවස්ථා කිහිපයකදීම විශ්වවිද්‍යාලය තුළදී නවක වදයට ගොදුරු වූ බවයි.
ඊට ආසන්නතම සිදුවීම පසුගියදා එම විශ්වවිද්‍යාලයේ බක්මහ උළෙල පැවැති දිනට පෙර දින සිදුවූ බවද විශ්වවිද්‍යාල අභ්‍යන්තර තොරතුරුවලින් දැක්වෙනවා.
කොට කලිසමක් ඇඳ විශ්වවිද්‍යාලය තුළ සිටීම නිසා චරිත් නවක වදයට ලක්ව ඇති බවටයි එම තොරතුරුවල දැක්වුණේ.
එම විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලබන සිසුවියක් චරිත්ගේ සිය දිවි නසා ගැනීමෙන් අනතුරුව ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි සටහනක් පළ කර තිබුණා.
”මම ඉගෙන ගන්නේ මේ කැම්පස් එකේ. ඇතුළේ ඉන්න ෆස්ට් ඉයර්, සෙකන්ඩ් ඉයර් කොල්ලන්ගෙන් අහලා බලන්න මොනවද වෙන්නේ කියලා. උඩ බැච්වලින් අහලා වැඩක් නැහැ. හොඳට හොයලා බලන්න. හැම ෆැකල්ටියකම සෙකන්ඩ් ඉයර් බැච් එකේ වුණත් බහුතරයක් බෝඩිම් ගියේ ඇතුළේ නිදහසේ ඉන්න බැරි නිසා. මහ රෑ දැනුවත් කිරීම්, මීටින් අරවා මේවා දාලා උන් ආතල් ගන්නවා.මේ කොල්ලට හොඳටම රැග් එක දුන්නේ මෙහේ අවුරුදු උත්සවයට කලින් දවසේ රෑ. ඒ රැග් කරේ ෂෝටක් ඇඳන් කාමරේකින් කාමරේකට මාරු වුණා කියලා. අපි හැමෝවම ගෙන්වලා ෆ්ලෝ එකේ හාවෝ පැන්නුවා. ඌව වෙනම අරන් ඌට හෙණ වදයක් දීලා ඌට හෙණ වදයක් දීලා තියෙන්නේ බාගෙට ඇඳුම් ගලව ගලවා. පහුවදා අවුරුදු උත්සවය දවසේත් බයිට් කළා. ඊට කලිනුත් මූට පුදුම වද දුන්නේ. ඊට පහුවදා ඌ ගිහින් එන්නම් කියලා ගෙදර ගියේ.”
2025 මැයි 04, පෙ.ව. 11:21
2025 මැයි 04, පෙ.ව. 12:08
2025 මැයි 03, ප.ව. 4:49
2025 මැයි 03, පෙ.ව. 12:12
2025 මැයි 03, පෙ.ව. 12:06
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25