2022 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 10:03
මහ රැජිනගේ අභාවයත් සමග ඇයගේ වැඩිමහල් පුත්‍රයා වන චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු බවට පත්වනු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඔටුන්න වහාම කිරුල හිමි චාල්ස් කුමරු වෙත ලබා දීමට නියමිත අතර ඔහු නිල වශයෙන් III චාල්ස් රජු ලෙස හැඳින්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නව රජු පැවසුවේ මවගේ අභාවය “මට සහ මගේ පවුලේ සියලුම සාමාජිකයින්ට ඇති ලොකුම ශෝකය” බවයි.
හෙට පෙරවරු 10.00 ට චාල්ස් කුමරු නිල වශයෙන් රජෙකු ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
අනතුරුව ඔහු අගමැති ලිස් ට්‍රස් සහ අනෙකුත් රජයේ නිලධාරීන් හමුවනු ඇති.
එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් රජකම් කළ දෙවන එලිසබෙත් රැජින වයස අවුරුදු 96 ක්ව සිටියදී අද අභාවප්‍රාප්ත වුණා.
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:07
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:02
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:31
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14