hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 පෙබරවාරි 09, පෙ.ව. 5:43



මැලේසියාවේ සේවය කරනු ලබන තම බිරිඳව මෙරටට ගෙන්වා ගැනීම සඳහා සත් හැවිරිදි පිරිමි දරුවාට පහරදෙමින් බිරිඳට වීඩියෝ කෝල් පෙන්වූ 25 හැවිරිදි පියකු අත්අඩංගුවට ගත් බව කොස්මෝදර පොලිසිය පවසනවා.

මෙම සැකකාර පියා විසින් එම දරුවාට පහරදෙන ආකාරය වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ සිය බිරිඳට දැකීමට සලස්වා ලංකාවට පැමිණෙන ලෙස තර්ජනය කර ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි. පහර කෑමට ලක්වූ දරුවා කොස්මෝදර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සැකකාර පියා මැලේසියාවේ සිටින සිය බිරිඳට මෙරටට පැමිණෙන ලෙස පවසමින් කාලයක සිට බහින්බස් වී ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.

දරුවා රැකබලාගෙන ඇත්තේ මිත්තනිය විසින් බවද හෙළිවිනැයි පොලිසිය කියයි. සැකකාර පියා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ පිළිබඳව කොස්මෝදර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක විජිතානන්ද මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.