hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 8:47



දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන කොළඹ නෙළුම් කුලුන පසුගිය 15 වනදා මහජනතාවට විවෘත කෙරුණා.

දෙස් විදෙස් ජනතාවට නෙළුම් කුලුන නැරඹීමේ අවස්ථාව ඊයේ සිට හිමි වූ අතර එය නැරඹීම සඳහා විශාල පිරිසක් එක්රැස්ව සිටි බව වාර්තා වුණා.

පසුගිය 15 වන දින නෙළුම් කුලුනේ පළමු අදියර ජනතාව සඳහා විවෘත කළ අතර පෙරේදා දිනය වන විට පමණක් ගතවූ දින 04 තුළ පුද්ගලයින් 25‍,000කට අධික පිරිසක් එය නැරඹීම සඳහා පැමිණ තිබෙනවා.

එමඟින් රුපියල් මිලියන 11කට වැඩි ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇති බව වාර්තා වුණේ.

නෙළුම් කුලුන බැලීමට පැමිණි තරුණියන් දෙදෙනෙකු සම්බන්ධ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

එහිදී එක් තරුණියක් මෙසේ සඳහන් කළා,

“හැම රටකම මේ වගේ එකක් තියෙනවා. ඉතින් අපේ රටෙත් මේ වගේ එකක් තියෙන එකට සතුටුයි. මුළු කොළඹම පෙනුනා.මෙච්චර උඩකට ගොඩක් ගිහින් නැහැ. සතුටුයි මේ වගේ ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වුණ එකට. පසුගිය දවස් ටිකේ ගොඩක් අමාරු කාලයක් තිබ්බේ. ගෑස් පෝලිම් වලයි, තෙල් පෝලිම් වලයි. මේකේ එහෙම පාඩු ලබන්න කිසිම දෙයක් නැහැ. ගොඩක් ලොකු අද්දැකීමක් ලබා ගන්න පුළුවන්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: