hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2022 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 10:51



පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණයක් අත්කර ගනිමින් ලංකාවට පැමිණියා.

ඉතින් ඔවුන් ලංකාවට පැමිණීමෙන් පසු ජනතාව එක් රොක් වුණේ ඔවුන්ට සුභාෂිංශන එකතු කිරීම සඳහායි.

ගොඩක් දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩකයන්ට තම ක්‍රිකට් පිති ලබා දුන්නේ ක්‍රීඩකයන්ගේ අත්සන ලබා ගැනීමේ අරමුණෙන්.

ඒ අතරවාරයේ ඉතා දුක්මුසු පුවතක් වාර්තා වුනා. ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත දරුවෙකුගේ ක්‍රිකට් පිත්තක් සමරු සටහනක් ලබා ගැනීමට දුන් අවස්ථාවේ ඔහුගේ ක්‍රිකට් පිත්ත අස්ථානගත වීමයි.

ඔහු ඒ සම්බන්ධයෙන් මාධ්‍යටද අදහස් දක්වමින් කියා සිටියේ එය ලැබුණු කෙනෙක් වෙතොත් එය නැවත ලබා දෙන ලෙසයි.

ඊයේ රූපවාහිනී වැඩසටහනකට ක්‍රිකට් තරු එකතු වුණා.

ඒ වැඩසටහනකට මෙම දරුවා කැදවා ඔහුව නවතම ක්‍රිකට් පිත්තක් ලබා දුන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අත්සනත් සමගිනි.

එම අවස්ථාවේදී එම දරුවාගේ අස්ථානගත වූ ක්‍රිකට් පිත්තද එහිදී ඔහු වෙත ලබා දුන්නා.

එහිදී නිවේදකයා සදහන් කලේ එම අස්ථානගත වූ ක්‍රිකට් පිත්ත ක්‍රිකට් ආයතනය අසල කවුරුන් හෝ දමා ගොස් ඇති බවයි.

https://streamable.com/molmbh