hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 05, ප.ව. 3:30



ඉන්දියාවේ 75 වන නිදහස් දිනයට සමගාමීව දිල්ලියේ පිහිටා ඇති සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දියානු කවුන්සිලය (ICCR ) විසින් සංවිධානය කරන ලද ” ප්‍රතිභා සංගම් 2023 ” තරගාවලිය ලෝකය පුරා විසිරී සිටින ඉන්දියානු සංස්කෘතික නර්තනය සහ සංගීතය හදාරන ශිල්පීන් ශිල්පිනියන් වෙනුවෙන් පවත්වන ලදී.

එහිදී ලෝකය පුරා විසිරී සිටින ඉන්දියානු නර්තනය හදාරන අතිදක්ෂ නර්තන ශිල්පීන් ශිල්පිනියන් අතරින් ඉන්දියානු කතක් නර්ථන කාණ්ඩයේ අවුරුදු 15 ත් 30 ත් අතර තරගකරුවන් අතරින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කල සුජාතා විද්‍යාලයේ කෙනුලි මෙතුනිමා සමත් වූ අතර වයස අවුරුදු 30 ට වැඩි කාණ්ඩයේ ජයග්‍රාහිකාව බවට පත්වීමට වෙරෝනිකා දසනායක සමත් වන ලදී.

ගරු ශාස්ත්‍රපති නෘත්‍ය නිපුන් ශ්‍රීංගාමනී වෙරෝනිකා දසනායක සිය “ශ්‍රී බ්‍රින්ධාවන් කතක් පුහුණු ආයතනය” හරහා ඉන්දියානු කතක් නර්තන ශිල්පීන් විශාල ප්‍රමාණයක් අප රටේ කලා ක්ශේත්‍රයට දායාද කල ආචාර්‍යවරියකි. ශ්‍රී ලංකාවේ අතිදක්ෂ ඉන්දියානු කතක් නර්තන ශිල්පිනියකි.

වයස 15 – 30 අතර කාණ්ඩය නියෝජනය කරමින් ජය ලැබූ කෙනුලි මෙතුනිමා ඇය යටතේ පුහුණුව ලැබීම විශේෂිතයි.

“ප්‍රතිභා සංගම් 2023” තරගාවලිය ජයග්‍රහණය කරන ලද ලොව පුරා විසිරී සිටින ඉන්දියානු සංස්කෘතික නර්තන සහ සංගීත ශිල්පීන් එළඹෙන අප්‍රේල් 9 සහ 11 දෙදින ඉන්දියාවේ නවදිල්ලි නුවරදී සිය දස්කම් විදහා පෑමට නියමිතයි.

ඒ අනුව ඉන්දියානු රජයේ ආරාධනයෙන් සහ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙරෝනිකා දසනායක සහා කෙනුලි මෙතුනිමා හෙට ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.