2022 සැප්තැම්බර් 05, ප.ව. 7:57
‘මා නුඹට පෙම් කළේ’ කියන එකම එක ගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැඟී ඒ ආදරණීය ගායන ශිල්පියා, එක රැයින් රසික හදවත් සොරාගත්තා.
අනතුරුව ප්‍රසංග වේදිකාවේ පවා නිරන්තර දකින චරිතයක් බවට පත් වූ ඔහු නමින් දිනේෂ් තරංගයි.
මේ වන විට ක්ෂේත්රයේ නිහතමානී ශිල්පියෙක් ලෙස නම දිනා සිටින දිනේෂ්ගේ ආදර කතාවත් බොහෝ දෙනෙක්ගේ අවධානයට යොමු වන දෙයක්.
ඔහු ඒ විදිහට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙද්දී තවත් බොහෝ අවස්ථාවන් වලදී දිනේෂ්ගේ පෞද්ගලික ජීවිතයත් ඒ හා සමානම ජනප්‍රිය වෙන්න පටන් ගත්තා.
එහෙම වුණත්, තමන්ට එල්ලවන චෝදනා හෝ විවේචන තඹේකට මායිම් නොකරන දිනේෂ් ඔහුගේ ආදර කතාව මහා ඉහළින් වර්ණනා කරන කෙනෙක්.
ඉතින් ඒ විදිහට ඒ සියලුම දේවල් එක සිතින් දරාගෙන දිනේෂ්ගේ සංගීත ගමනට අම්මෙක් වගේ ළඟ ඉඳගෙන උදව් උපකාර කරන ආදරණීය බිරිඳ ඔවුන්ගේ කතාව පිළිබදව රූපවාහිනිය වැඩසටහනකට සම්බන්ධ වෙලා කිව්වෙ මේ විදිහේ දෙයක්.
“මම මුලින්ම අපි දෙන්නගෙ වගේ ආදර කතා මිනිස්සුන්ට අරුමයක් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ ආදරය හරියට කතාබහට ලක්වෙනවා මොකද මිනිස්සු පිටිපස්සෙ ඉඳන් අපි ආපු ගමන ඒ අමාරුකම නෙමෙයි දකින්නේ. එලියට තියෙන දේ එයාලා දකින්නේ. අපි දෙන්නගෙ ඒජ් ගැප් එක අවුරුදු නමයක්. මම ඒක කියන්න කොයි වෙලාවකවත් පැකිලෙන්නේ නැහැ. එකපාරට මිනිස්සු අහන දෙයක් තමයි ඇයි ඔයා ඇන්ටි කෙනෙක් බැන්දේ කියන දේ. ඕක සාමාන්‍යයෙන් කියන දෙයක්. අවුරුදු විසි නවයයි මම දිනේෂ්ව බඳින කොට. එතකොට නම් මම ඇන්ටි කෙනෙක් නෙමෙයි. අවුරුදු ගානකට පස්සේ තමයි මාව මිනිස්සු දැක්කේ. අපි දෙන්නා කරපු සිංදුවෙන් තමයි මාව එළියට ආවේ. අපි දෙන්නා පල්ලියෙන් හම්බ උනේ. “
2025 පෙබරවාරි 09, පෙ.ව. 12:03
2025 පෙබරවාරි 08, ප.ව. 9:07
2025 පෙබරවාරි 08, ප.ව. 7:13
2025 පෙබරවාරි 08, පෙ.ව. 12:09
2025 පෙබරවාරි 07, පෙ.ව. 12:07