hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 23, ප.ව. 6:54



සියම් රටේ උපාලි මහ නාහිමි විසින් අප රටට උපසම්පදාව රැගෙන විත් වසර 270 ක් පිරීම නිමිත්තෙන් සියම් රටේ සිට පැමිණි භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් ත්‍රිකුණාමලේ සිට මහනුවර දක්වා දින 09 ක් පාගමනින් පැමිණි අතර එම ගමනට සුවිශේෂී අමුත්තෙක්ද එක්ව සිටියා.                   

එම අමුත්තා නම් අපූරු සුනඛ පෝතකයෙක්.

සියම් දේශයේ ගිහි, පැවිදි කණ්ඩායම ඉකුත් 13 දා ත්‍රිකුණාමලයේ ජයසුමනාරාමයේ සිට මහනුවර දක්වා පා ගමන ආරම්භ කළ අවස්ථාවේ සිටම මහනුවරට 23දා පැමිණි අවස්ථාව දක්වා මෙම සුනඛයාට අඛණ්ඩවම පාගමනේ නිරතව තිබෙනවා.

මෙම කණ්ඩායම නවාතැන් ගන්නා සෑම ස්ථානයකම නැවතී ඇති මෙම නාදුනන සුනඛයා නැවත ගමන් ආරම්භ කරන අවස්ථාවේ එම කණ්ඩායම සමග ගමන ආරම්භ කොට ඇති අතර ඉන් අනතුරුව සියම් දේශයෙන් පැමිණි ගිහි-පැවිදි කණ්ඩායම එම සත්වයාට ලෙන්ගතු වීමට පියවර ගෙන තිබෙනවා.                                                                                        

කණ්ඩායම සෑම සියලු දෙනා සමඟ ඉතාමත්ම හිතවත්ව ගමන් කොට ඇති සුනඛයාට මෙම කණ්ඩායම ආහාර ගන්නා අවස්ථාවේ ආහාර පාන හා නවාතැන් ලබා දීම සිදුකොට ඇති බව සඳහන්වෙනවා.                                  

ඉන් අනතුරුව අවසන් දවස වූ 23 දින එම සුනඛයාද මෙම සියම් දූත පිරිස සමග මල්වතු අස්ගිරි මහා විහාර වෙත පාගමනින් පැමිණියා.

මෙම සුනඛයා වෙත ඉමහත් ආදරය කරුණාව දක්වූ තායිලන්ත ජනතාව සුනකයා සිප වැළඳ, අත් පා තවා සුරතල් කරන ආකාරයද දක්නට ලැබුණා.

නමක් නොමැති බැතිබර සුනඛයාද ඔවුන් හා එක්ව ඉතාමත් ප්‍රීතියෙන් පා ගමනේ නිරතවන ආකාරය නෙත්කළු දසුනක් වුණා.