hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2023 ජනවාරි 29, ප.ව. 3:11



අනුරාධපුර, යාපනය හන්දිය ප්‍රදේශයේ තරුණයින් පිරිසක් නුවර වැවට යාමට පැමිණි අවස්ථාවක මුහුණදුන් බිහිසුණු අත්දැකීමක් ජංගම දුරකථනයක සටහන්ව තිබුණා.

මහින්ද ප්‍රාථමික විදූහල අසලින් ගමන් කරමින් සිටිය දී තරුණයින් දෙසට එක්වරම වනඅලියෙක් පැමිණ ඇති අතර තරුණයින් දිවි බේරාගැනීමට අසල තිබු ඇහැටු ගහට නැග තිබෙනවා.

පසුව වනඅලියා එම ස්ථානයේ ඉතා කලබලකාරී ලෙස හැසිරෙන අයුරු ගසට නැග සිටි තරුණයින් විසින් වීඩියෝ ගත කර තිබෙනවා.

විනාඩි කිහිපයකට පසුව වන අලියා නුවර වැව අසලට ගිය පසු තරුණයින් ගහෙන් බැස දිවි බේරාගෙන ගෙන නිවෙස් වෙත ගොස් තිබෙනවා.