hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 11, ප.ව. 2:17



ගයාන් ගුණවර්ධන කියන්නේ නව පරපුරේ අති දක්ෂ ගායකයෙක් විදිහට ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගන්ත දඟකාර කටකාර ගායන ශිල්පියෙක්.

එක් අවස්ථාවකදී ගායන ශිල්පියෙක් විදිහට තවත් අවස්ථාවකදී නිවේදකයෙක් ලෙසත් කරළියට පැමිණෙන ගයාන් මේ දවස් වල නම් වැඩිපුරම රංගනය තමයි ඔහුගේ වෘත්තිය කරගෙන වැඩ කටයුතු සිදු කරන්නේ.

පාරදිගේ ටෙලි නාට්‍යය කියන්නේ ගයාන් විසින් රංගනයෙන් දායක වන බොහෝ දෙනෙක් ආදරය කරන ටෙලි නාට්‍ය තමයි.

මේ සුන්දර චරිතය ගැන වැඩි වශයෙන් කතා කරද්දි ගයාන් වැඩිපුරම දැන් කාලය ගත කරන්නේ පූජනී භාග්‍යා එක්ක.

පූජනී කියන්නේ නිරූපිකාවක් විදිහට කරළියට ඇවිල්ලා පසු කාලීනව රංගන ශිල්පිනියක් විදිහට වැඩ කටයුතු කරන්න අවස්ථා උදා කර ගත්තු කෙනෙක්.

ඉතින් ගයාන් වැඩිපුර පූජනීත් එක්ක කාලෙ ගත කරන නිසා ගොඩක් අය හිතන්න පටන් ගත්තා ගයාන් සහ පූජනී යාලු වෙලා ඉන්නේ කියන දේ.

නමුත් මේ පිළිබඳව පූජනීගෙන් අහපුහම ඇය නම් කිව්වේ ගයාන් සහ ඔහු ඉතාමත් හොද යාලුවන් විතරයි කියලා.

කෙසේ නමුත් පූජනී ඔහුගේ ජීවිතයේ ප්‍රධාන චරිතයක් වෙන්න කලින් ගයාන් ආදරය කරේ අති දක්ෂ ගායිකාවක් වෙච්ච  කාවින්ද්‍යා අධිකාරිටයි.

නමුත් ඔවුන් අතර ඇති වෙන  නොගැලපීමළපීම නිසා මේ දෙන්නා තීරණය කරනවා යාලුකම විතරක් තියාගෙන  ආදරවන්තයෝ කියන භූමිකාවෙන් ඈත්වෙන්න.

පසුගිය දවසක ගයාන් පූජනී එක්ක එකට ගත්තු  ඡායාරූපයක් පළ කරනවා “ඉටි රූපේ  අපූරුව විදින්න මං හරි ආසයි. පින්තූරේ වගේ ඔබ හිනැහෙන කොට මට ලෝබයි” කියලා සඳහන් කරලා.

ඉතින් ඒකට රසිකයෙක් එකතු කරලා තිබුණා අනේ කවි පව් නේ කියන දේ.

ඊට පස්සෙ දෙපාරක් හිතන් නැතුව ගයාන් ඇයට කිව්වේ ඇයි එයා පව් කවුරුත් පව් නෑ නොගැලපෙන නිසා තමයි අපි වෙන්වෙලා පාරවල් දෙකක සතුටින් යන්නේ. මතුපිටින් බලලා මිනිස්සු මනින්න එපා කියන පිළිතුර.