hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 31, පෙ.ව. 9:52



අපේ රටේ සුවහසක් ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි ගිරිරාජ් කෞශල්‍ය කියලා කියන්නේ.

ඉතින් ඒ වගේම මෑත කාලයේ අපේ රටේ බොහෝ දෙනෙක් අතරේ ඔහු ගැන කතා බහට ලක්වුණේ ඔහු රංගනයෙන් දායක වු ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වුණ නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ කුකුළා මුදලාලිගේ චරිතය නිසයි.

ඉතින් මේ විදිහට ඒ ටෙලි නාට්‍යයත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන අතරතුරේ අපිට ඔහු පිළිබඳව හරිම අවාසනාවන්ත සිදුවීමක් අහන්න ලැබෙනවා.

ඒ තමයි ඔහු පිළිකාමය තත්ත්වයක් නිසා හදිසියේ රෝගාතුර වීම.

ඉතින් කෙනෙක් පිලිකාව කියපු සැනින් එසැනින් ගොඩක් දෙනෙක් බය වෙනවා බය උනාට පස්සේ මුකුත් කරගන්න බැහැ.

දැන් ඔහුට බොහෝ දුරට සුවයි කියලා තමයි ආරංචි වෙන්නේ.

ඉතින් පසුගිය දවසක විනෝදාත්මක වැඩසටහනකට සහභාගි වෙලා ඔහුගේ අත්ද්ෂ් කීම පිළිබඳව අදහස් බෙදාහදා ගත්තේ මේ විදිහටයි.

“පිළිකාවක් හැදුනත් බයවෙන්න එපා. සමහරු පිළිකා රෝහල කිවුවහම බය වෙනවා. ඒකයි අපේක්ෂා රෝහල කියලා නමත් වෙනස් කළේ. එහෙම  බයවෙන්න එපා. එතන ඉන්නවා පුදුම දැනුමක් තියෙන වෛද්‍යවරුන්. පුදුම සහයෝගයක් ලබා දෙනවා. අනිවාර්යෙන් මොනවා හරි දෙයක් වුණොත් එතෙන්ට යන්න. ඒක තමයි ලංකාවෙ තියෙන සුපිරිම රෝහල පිළිකා රෝගියෙක් ට මම මේ මගේ අත්දැකීමෙන් කියන්නෙ. “





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: