hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 03, පෙ.ව. 2:14



මේක මේ ධර්මද්වීපෙ වුන සත්‍ය කතාවක්.තීන්දූ තීරණ ගැනීම කියවන ඔබට භාරයි.

ඇය පොතුහැර පදිංචි අහිංසක සුන්දරත්වයකින් හෙබි තරුණියක්.

කාලයාගේ ඇවෑමෙන් දීග දෙන කල වයසත් ලංන් වුන පසු ඇගේ පියා පත්තරයක දැන්වීමක් පළ කරන්නේ  තමන්ගේ දුවට ගැලපෙන සහකරුවෙක් සොයා ගන්න,ඇයට ගැළපෙන සහකරුවකු ඇගේ පියා සොයාගන්නේ නුවර ප්‍රදේශයෙන්.

ඔහු ඉංජිනේරුවෙක් විදිහටයි සේවය කරන්නේ.

සිය දියණියගේද කැමැත්ත ලැබුණු පසු දෙපැත්තෙම ආශිර්වාදයෙන් දෙදෙනා විවාහ වෙනවා.

නමුත් කාලයක් ගත වෙද්දි දුව නිවසට පැමිනෙන්නේ සිය සැමියා සමඟ ජීවත් වීමට නොහැකි බව පවසමින්.

සියල්ල හෙළිවන්නේ පසුවයි.

දීග ගිය ඇය තවමත් කන්‍යාවියක්.

ඔහු සාමන්‍ය ලිංගික හැසිරීමෙන් එහාට ගිය වික්ෘති කාමාශාවන් ඇති අයකු බවට හෙළිවන්නේ ඇය විවාහ වීමෙන් අනතුරුවයි.

ඇය එම විශම ක්‍රියාවන්ට පොළඹවා ගන්නට තැත් කල සිය සැමියාට එරෙහි වීම නිසා ඇයට විවිධ අඩන්තේට්ටම් වලට මුහුන දීමට සිදු වෙනවා.

එම නිසයි ඇය නිවසට පැමිණෙන්නේ.එහෙත් නිවසට පැමිණ ඇයව රැගෙන යාමට සැමියා උත්සාහ කරද්දී ඇය සැඟවෙද්දී,ඒ සියළු තැන් සොයාගෙන දෙවරක්ම ඇය බලෙන් රැගෙන යාමට තැත් කලත් එය සාර්ථක වෙන්නේ නැහැ.

දිනෙක ඔහු මාරා වේශයෙන් පැමිණ ඇගේ පියාටත් පහර දී නිරුවත් කර දණ ගස්වා තිබෙනවා.

අනතුරුව පියා ආදරෙන් හදාවඩා ගත් දියණියද පහර කා නිරුවතින් දන ගසා සිටින පියා ළඟ දනගස්වා සිය ජංගම දුරකථනයෙන් දෙදෙනාගෙම ඡායාරූප රැගෙන කරන්නේ පියා සමඟින් ලිංගිකව හැසිරුන පියෙක් ලෙස හංවඩු ගැසීමට උත්සාහ කිරීමයි.

මෙම හේතුව නිසාම සිය පව්ල පිටින් සැඟවෙන මුත් නැවත ඔවුන් සොයාගෙන සිය දියනියගේ සැමියා පැමිනෙන්නේ තවත් සගයින් කිහිප දෙනෙක් සමගයි.

එහි දී බලහත්කාරයෙන් දියණිය රැගෙන යාමට උත්සාහ කරද්දී මෙවර ඔවුන්ගේ සහයට පැමිනෙන්නේ ගමේ අසල්වාසීන්.

ඔවුන් අතින් දියණියගේ සැමියා ඇතුළු පිරිස පහර කෑමෙන් පසු රෝහල් ගත කර තිබෙනවා.

මේ පිළිබඳව පොතුහැර පොලීසය දැනුවත් කල පසු ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට පෙරද මෙලෙස මෙම තැනැත්තිය පැහැර ගැනීමට තැත් කල නිසාම සිරගත වී තිබුනත් නැවත නැවතත් ඔවුන්ට කරදර කර තිබුන බවයි පොලීසිය පවසන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: