hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2023 මාර්තු 08, ප.ව. 12:23



පාසල් සිසුවෙකු සමග පැවැත්වූ කෙටි කාලීන ප්‍රේම සම්බන්ධයක් අතරමග නවතා දැමීමෙන් ඇතිවූ සිත් තැවුලක් හේතුවෙන් 16 හැවිරිදි පාසල් සිසුවියක් සිය දිවි හානි කරගැනීමේ සිද්දියක් මැදවච්චිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස දිවි තොර කරගෙන තිබෙන්නේ මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි සිසුවියක්.

මෙම සිසුවියගේ මව විදෙස් ගත වී සිටින අතර පියාගේ රැකවරණය යටතේ ඇය සිට ඇති බව මැදවච්චිය පොලිසිය පැවසුවා.