hit counter

2025 මැයි මස 06 වන අඟහරුවාදා

2022 මැයි 01, ප.ව. 9:06



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයෙ මැයි දින පෙළපාලිය අති විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ වුණේ අද පස්වරුවේදීයි.

එම මැයි රැලියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා මහතා සහ හරීන් ප්‍රනාන්දු මහතා අතර දරුණු බහින් බස් වීමක් සිදුවෙනු දක්නට ලැබෙන වීඩියෝවක් ඉතා සීග්‍රයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා තමන් අසුන්ගෙන සිටි ස්ථානයට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කැඳවා යම් දෙයක් පැවසූ අතර එහිදී ඔහු විසින් පහර දීමට උත්සහ ගන්නා අකාරයක් දක්නට ලැබුණු අතර මනුෂ නානායක්කාර ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු මැදිහත් වී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් ඉවත්කර ගන්නා ආකාරයක් දක්නට ලැබෙනවා.

එම වීඩියෝව පහතින්,