hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 27, ප.ව. 5:25



මීට මසකට පමණ ඉහතදී විවාහ දිවියට එළඹි යුවතියක් පෞද්ගලික රෝහලකදී පිත්තාශයේ ගල් ඉවත්කිරීම ආශ්‍රිතව කරන ලද සැත්කමකින් පසුව ඇති වූ සංකූලතා හේතුවෙන් හදිසියේම ජීවන ගමන නිමා කිරීම පිළිබඳව සටහන් සහ ඡායාරූප සමාජ මාධ්‍යය පුරාම හුවමාරු වෙනවා.

ඇය නමින් හර්ෂණී ධර්මවික්‍රම.

බොහෝ දෙනෙක් ඇයගේ ජායාරූප මුහුණුපොතට එක් කරමින් ඇයට නිවන් සුව පතන්න අමතක කළේ නැහැ.

හැමදෙනාගේම දෙනෙත් කඳුලින් තෙත් කරමින් ඇය සදහටම දෙනෙත් පියා ගත්තේ වෛද්‍යවරයෙකුගේ නොසැලකිලිමත්කම නිසාමයි.

ඇයගේ මෙම සැත්කම සිදු කළ වෛද්‍යවරයාට සමාජ මාධ්‍ය තුළ දැඩි විරුද්ධත්වයක් එල්ල වී තිබෙනවා.

බොහෝ දෙනෙක් පවසන්නේ එම වෛද්‍යවරයා සිදු කළ බොහෝ සැත්කම් අසාර්ථක වී ඇති බවයි.

කෙසේවෙත් ඇය මෙම සැත්කම සිදු කිරීමට පෙර තම සැමියා සමඟ රෝහලේ ගත කරපු සුන්දර මතකයක වීඩියෝවක් මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ බලන්නන්ගේ හදවත් මොහොතකට නතර කරමින්.

බොහෝ දෙනෙක් කියන්නේ මේ තරම් ප්‍රේමාන්විත යුවළකට මෙවැන්නක් සිදු වීම දරා ගත නොහැකි බවයි.

සැත්කමකට පසුව දිවි අහිමිවූවා යැයි කියන යුවතියගේ සිදුවීමේ ඇත්ත හෙලිවෙයි

සැත්කමින් පසු දිවි අහිමි වූ බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් සැමියා තැබූ ආදරණිය සටහන

දොස්තර පුද්ගලික රෝහලක මිසීලත් එක්ක නටපු නාඩගම් එළියට (PHOTOS)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: