2022 අගෝස්‍තු 15, ප.ව. 4:24
යාපනය අච්චුවේලී කාලානෙයි ප්‍රදේශයේ පිහිටි කුකුලු ගොවිපලක කිකිලියකට පාද 4ක කුකුලු පැටවෙකු ලැබී ඇතැයි එහි හිමිකරු ඒෂියන් මිරර් වෙත පැවසුවා.
කාලානෙයි ප්‍රදේශයේ පදිංචි මහාරාජා ගෞරි නැමැති කාන්තාව ජීවනෝපාය වශයෙන් කුකුලු ගොවිපලක් පවත්වාගෙන යන අතර එහි සිටි කිකිලියකට බිත්තර ක් රැක්කවීමට තැබූ අවස්ථාවේදී උපත ලැබූ කුකුල් පැටවුන් 6 දෙනාගෙන් එක් කුකුල් පැටවෙකුට පාද 4 ක් ඇති බවට දැක තිබෙනවා.
අනතුරුව අදාල කුකුල් පැටවා ආරක්ෂාකාරීව පරික්ෂා කොට ඇති අතර කුකුල් පැටවා නිරෝගීව සිටීම හේතුවෙන් සෙසු පැටවුන් සමගම තැබීමට හිමිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා.
කෙසේවෙතත් පාද 4 කුකුල් පැටවා බැලීම සඳහා ප්‍රදේශවාසීන්ද පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06